ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස තේරී පත්වී ආ සත්‍යා රොඩ්රිගෝ මහතා හමුවී වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉතාලියේ ශ්‍රී ලාංකීය එකමුතුව ලෙස අප නියෝජිත කණ්ඩායමක් සහභාගි වුණා. මෙම නව තානාපතිතුමා පසුගිය ජූලි දහවෙනි දින ඉතාලියට පැමිණියත් නිල වශයෙන් තානාපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ මීට සති කිහිපයකට පෙරය. එම නිසා ඔහුට ශුභ පැතුම් එකතු කරමින් ලාංකිකයන් ලෙස ඉතාලියේ මුහුණ දෙන ගැටලු සම්බන්ධ ලිපි දෙකක් භාරදුන් අතර ඒ පිළිබඳව වැඩිදුර ඔහු සමඟ සාකච්ඡාවක යෙදුණි. මුලින්ම ඔහුගේ නිහතමානී බව, විවෘත බව සහ ගැටලු නිරාකරණය සඳහා මැදියත් වීමේ උනන්දුව අප විශේෂයෙන් දුටු ලක්ෂණයක්. පැය දෙකකට වැඩි කාලයක් සාකච්ඡාව සඳහා ලබාදුන් ඔහු ඉදිරියේදීත් ප්‍රජාව සමඟ සහෝගයෙන් කටයුතු කිරීමට උනන්දු වන බවත් තහවුරු කළා.
මෙම හමුවේ විශේෂ අරමුණ වූයේ වසර දෙකකට වැඩි කාලයක් ගතවීත් අත්සන් තැබීමට අපොහොසත්ව තිබෙන ඉතාලිය හා ලංකා රජය අතර අත්සන් කළ යුතු අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම එම පමාව නිසාම ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රය බවට පරිවර්තනය කරගැනීමේ නොහැකියාව නිසා බොහෝ ලාංකිකයින් විඳිමින් තිබෙන පීඩාව පිළිබඳ ඔහුගේ අවධානය යොමු කරවා ගැනීමයි. එහිදීත් අපේ වැඩි අවධානය යොමු වූයේ වසර දෙකකට වැඩි කාලයක් පුරාවටම අපට අහන්නට ලැබෙන සුපුරුදු පිළිතුර වන ගිවිසුම අත්සන් කිරීම සඳහා අපගේ පාර්ශ්වයෙන් අදාල කටයුතු සම්පාදනය කර තිබෙන අතර ඉතාලි රජය පැත්තෙන් ඔවුන්ගේ මැදිහත්වීම අපේක්ෂාවෙන් සිටින වග. එනිසාම අපේ සාකච්ඡාව තුළ අවධාරණය කරනු ලැබුවේ තවදුරටත් එසේ නොවී මෙම ගිවිසුම අත්සන් කිරීමේ කාර්යය ඇත්ත වශයෙන්ම සිදුවනවාද, මේ වනවිට එහි තත්ත්වය කුමක්ද, නව තානාපතිවරයා යටතේ එම කාර්ය ඉක්මනින් ඉටුවේවිද යන්න විශ්වසනීයත්වයක් ගොඩනගා ගැනීමයි. එම ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා තමා පුද්ගලිකව මැදිහත් වන බවත් ඊට අදාළ සියලු ලිපි ලේඛන යොමු කර තිබෙන බව සහ එය අත්සන් කිරීමට දින යොදා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි. ලංකා රජයෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අප ඉල්ලා සිටින්නේ මේ සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම කරන ලෙසටයි.
එමෙන්ම අප බාරදුන් ලිපි තුළ අවධාරණය කළ එක් කරුණක් වූයේ එසේ රියදුරු බලපත්‍රය පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් වන විට, අවධානය යොමු කළ යුතු විශේෂ කරුණු කිහිපයක් තිබෙන බවයි. ඒ අතර ඉතාලි නීතිය තුළ තිබෙන ඉතාලියේ පදිංචිය ලියා පදිංචි කළපසු මෙම පරිවර්තනීය කටයුත්ත සඳහා අවස්ථාව ලැබෙන්නේ වසර හතරක කාලසීමාවකට පමණි. මේ වන විට වසර දෙකකුත් මාස දහයක් ගතවී තිබෙන තත්ත්වයක් තුළ ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදීම එම මගහැරුණු කාලය මේ සඳහා ලබා දෙන ලෙස සහ ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍ර අලුත් කිරීමේදී සිදුවන පමාව නිසා බොහෝ දෙනෙකුට එම අලුත් කළ බලපත්‍රය නොමැතිව වුවද එම කටයුතු ඉටු කර ගැනීමට එය බාධාවක් නොවන ආකාරයෙන් එකඟතාවයකට එන ලෙසයි.
ඊට අමතරව ගුවන් ගමන් බලපත් නිකුතුවේදී ද තිබූ මේ ගැටලුව නව තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් දැනටමත් ඉවත් කර තිබෙන අතර රියදුරු බලපත් කාරණයේදීද එසේ සිදුකිරීමට අවධානය යොමු කරන ලෙසයි. එමෙන්ම තානාපති සේවාව ඉතාලිය තුළ මෙතෙක් ජනතා ප්‍රසාදයට එතරම් ලක් නොවූ තත්ත්වය හා එහි වෙනස් විය යුතු අංගයන් ගණනාවක් පිළිබඳවද ඔහුගේ අවධානය යොමු කිරීමට අප කටයුතු කළෙමු. ඒ අතර ඉරු දින තානාපති කාර්යාලය විවෘතව තැබීම, ක්‍රමවත් ජංගම සේවාවක් පවත්වාගෙන යාම, කාර්යාල පහසුකම් ලබාදීම අවධානයට ගැණුනා. ඒ අතරම කිව යුතු තවත් යමක් තිබේ. එනම් රෝමයේ තානාපති කාර්යාල ගොඩනැගිල්ල ඉතා පැරණි සහ අබලන් තත්ත්වයේ පවතින බවයි. ඒ නිසාම විශාල ලාංකිකයින් පිරිසක් වාසය කරන, එනිමෙන්ම විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ලබා දෙන ඉතාලියේ ලාංකිකයින් වෙනුවෙන් සහ ඉතාලිය තුළින් ලංකාව සඳහා උකහා ගතහැකි බොහෝ වහා සහගත තත්වයන්න් තිබෙන බව සැලකිල්ලට ගෙන ස්ථිර තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් වෙත අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.
ඊට අමතරව යුරෝපය තුළ අලුත් වී තිබෙන ආගමන විගමන නීති රීති වලට අනුකූලව ලංකාවේ ආගමන විගමන නීතිය ද සංශෝධනය කිරීමට අවධානය යොමු කරන ලෙස ලංකා ආණ්ඩුවට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට අවධාරණය කරන අතර සෙසු තානාපති කාර්යාල ඒ වෙනුවෙන් ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් තානාපතිතුමාගේ අවබෝධය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි. විශේෂයෙන්ම වීසා රහිතව ඉතාලියට ඇතුල්වී වීසාවක් ලබා ගැනීමේදී යුරෝපා නීතියට අනුව විවිධ හේතු මත වීසා නිකුතුව සිදුකරන අතර එම අවස්ථාවන්වලදී විදෙස් ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු වුවත් ලංකාවේ පවතින පැරණි නීතිය නිසා තානාපති කාර්යාලයට එසේ වීසා නොමැති අය සඳහා ගමන් බලපත්‍රය නිකුත් කිරීමට බාධාවක් ව පවතින හෙයින් එම නීති අදට ගැලපෙන ලෙස යාවත් කාලීන කිරීමට ලංකා පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතු බවයි.