Breaking News

අලෙවිය පහත වැටුණු බිස්කට්වලට වට්ටම්

බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල බිස්කට් සඳහා වට්ටම් ද ලබා දී තිබෙනු දක්නට ලැබේ.

ඇතැමුන් අධික ලෙස මිල ඉහළ නැංවීමට විරෝධය පා බිස්කට් මිලදී ගැනීම වර්ජනය කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් ද ගෙන යමින් ඇති අතර, ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ පාරිභෝගිකයින් බිස්කට් පරිභෝජනය නතර කළහොත් සිය කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වන බවයි.

එහි සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර පැවසුවේ පාරිභෝගිකයන් බිස්කට් මිලදී ගැනීම නැවැත්වුවහොත් තම කර්මාන්තය නවතා දැමීමට සිදුවී රැකියා පවා අහිමි විය හැකි බවයි.

ඔහු පවසන්නේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමට සාපේක්ෂව සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවයි. නමුත් පාරිභෝගිකයන් පවසන්නේ බිස්කට් මිලෙහි වැඩිවීම ඉතා අසාධාරණ ලෙස සිදුවී ඇති බවයි.

එසේම තවත් පිරිසක් පවසන්නේ අත්‍යවශ්‍ය ද්‍රවයක් නොවන බිස්කට් මිලදී ගැනීම බොහෝ පිරිසක් නවතා දමා ඇත්තේ ඒවා වෙනුවෙන් මීට පෙර වැයකළ ආකාරයෙන් අමතර මුදලක් බොහෝ දෙනෙකුට වැයකළ නොහැකි නිසා බවයි. බොහෝ ජනතාවක් සිටින්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය පවා මිලදී ගැනීමේ අර්බුදයකයි.

 

leave a reply