අලෙවිය පහත වැටුණු බිස්කට්වලට වට්ටම්

බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල බිස්කට් සඳහා වට්ටම් ද ලබා දී තිබෙනු දක්නට ලැබේ.

ඇතැමුන් අධික ලෙස මිල ඉහළ නැංවීමට විරෝධය පා බිස්කට් මිලදී ගැනීම වර්ජනය කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් ද ගෙන යමින් ඇති අතර, ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ පාරිභෝගිකයින් බිස්කට් පරිභෝජනය නතර කළහොත් සිය කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වන බවයි.

එහි සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර පැවසුවේ පාරිභෝගිකයන් බිස්කට් මිලදී ගැනීම නැවැත්වුවහොත් තම කර්මාන්තය නවතා දැමීමට සිදුවී රැකියා පවා අහිමි විය හැකි බවයි.

ඔහු පවසන්නේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමට සාපේක්ෂව සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවයි. නමුත් පාරිභෝගිකයන් පවසන්නේ බිස්කට් මිලෙහි වැඩිවීම ඉතා අසාධාරණ ලෙස සිදුවී ඇති බවයි.

එසේම තවත් පිරිසක් පවසන්නේ අත්‍යවශ්‍ය ද්‍රවයක් නොවන බිස්කට් මිලදී ගැනීම බොහෝ පිරිසක් නවතා දමා ඇත්තේ ඒවා වෙනුවෙන් මීට පෙර වැයකළ ආකාරයෙන් අමතර මුදලක් බොහෝ දෙනෙකුට වැයකළ නොහැකි නිසා බවයි. බොහෝ ජනතාවක් සිටින්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය පවා මිලදී ගැනීමේ අර්බුදයකයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...