වාහන ආනයනය සහ ඉන්දියානු ණය ගෙවීමෙන් නැවතත් රට අර්බුදයකට යනවා – ධනූෂ පතිරණ

ජන අරගල සන්ධානය මගින් සංවිධානය කළ “IMF මර උගුලෙන් එළියට ද ? ඇතුලට ද ? ” සම්මන්ත්‍රණය අද (03)දින ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේ දී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, ධනූෂ පතිරණ පැවසුවේ ආණ්ඩුව වාහන ආනයනය කිරීමට සහ ඉන්දියානු නය ගෙවීමේ තීරණය වහාම නැවැත්විය යුතු බවයි.

” අයි එම් එෆ් ගිවිසුම එක්ක රටේ ආර්ථිකයට එන ඕනෑම හානියක බර පැටවෙන්නේ මේ රටේ වැඩකරන ජනතාවට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කරල තියෙන්නේ 2024 වර්ෂයේ සිට වලංගු වෙන විදිහට. එතකොට අපි 2024 සහ 2025 කියන වර්ෂ දෙකටම අදාලව මේ අවුරුද්දේ ණය පොලී විදිහට ඩොලර් මිලියන 700 බැගින් ගෙවන්න වෙනවා. මේක අපිට ඉතාම අවාසිදායක තත්වයක්.

දැන් මහබැංකුව ස්වාධීන ආයතනයක් විදිහට නම් කරල තියෙන්නේ. එතකොට මහබැංකුව ගන්න තීරණ ගැන ජනතාවට වගකියන්නෙ නෑ. දැන් ඔවුන් එකඟ වෙලා තියනවා ඉන්දියාවෙන් ගත්ත ඩොලර් බිලියන 2ක ණය වාරිකයක් මේ කාලය ඇතුලත ගෙවන්න. ඊලඟට ආණ්ඩුව තීරණය කරල තියනවා වාහන ආනයනය කරන්න. මේ ඔක්කොම එක්ක පිටරටට අපි ගැන හැදෙන චිත්‍රය තමයි දැන් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කියන එක. එහෙම තත්වයක් ඇතුලේ ඉන්දියාව වගේ රටවල් ණය කල් දාන්න එකඟ වෙන එකක් නෑ.

ඩොලර් බිලියන 4.3ක් පමණ මේ සෙල්ලම නිසා 2025 අවුරුද්දේ රටට අහිමි වෙන්න නියමිතයි. සමහරු කියනවා අපනයන ආදයම් සහ විදෙස් ප්‍රේසන මගින් අපිට ණය ගෙවන්න පුලුවන් කියලා. නමුත් ඒක අමූලික බොරුවක්. අපිට මේ වියදම් පියවන්න වෙන්නේ ඩොලර් සංචිතයෙන්. ආණ්ඩුව දැන් හිතාගෙන ඉන්නවා වාහන ආනයනය කිරීමෙන් විශාල බදු ප්‍රමාණයක් උපයා ගන්න. නමුත් ඒ බදු ලැබෙන්න රුපියල් වලින්. ඒ රුපියල් වෙනුවෙන් ඩොලර් බිලියන 1.5ක් විතර අහිමි කරගන්න තමයි මේ සූදානම් වෙන්නේ. දැනට අප සතු සංචිතවලින් 85%කට වඩා හිඳෙන්න නියමිතයි මේ ක්‍රියාවලිය දිගටම ගියොත්.

මේකෙන් වෙන්නෙ නැවත ආර්ථික අර්බුදය ජනතාවගේ කරමත වැටෙන එක. භාණ්ඩ මිළ නැවත වටයකින් ඉහළ යනවා. අපි ආණ්ඩුවට මේ වෙලාවෙ කියනවා වාහන ආනයනය කරන්න ගත්ත යෝජනාව සහ ඉන්දියානු ණය ගෙවන්න මහබැංකුව ගත්ත තීරණය කල් දාන්න. එහෙම නොවුනොත් මේ අවුරුද්ද අවසන් වෙද්දි ආණ්ඩුව බරපතළ හානියක් කරගන්නේ. ”

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...