වංචා දූෂණ හෙළිකළ මාධ්‍යවේදීන් CIDයට කැඳවීම ගැන මාධ්‍ය සංවිධාන එකමුතුවේ විරෝධය

වංචා දූෂණවලට වගකිව යුතු වංචනිකයන් හෝ දූෂිතයන් සම්බන්ධ නීතිමය කටයුතු නොකර ඒ පිළිබඳ හෙළිකරන මාධ්‍යවේදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකතුව පවසයි.

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන විසින් සුදු ලූනු වංචාව ඇතුළු වංචා පිළිබඳව අනාවරණය කළ පසුව එය වාර්තා කළ ලංකාදීප, දිවයින හා ද අයිලන්ඩ් පුවත්පත්වල මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම දැඩිසේ හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකමුතුව පවසයි.
තවදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම තත්වය දූෂිතයන් ආරක්ෂා කිරීමට හා, දූෂණ හෙළිදරව් කිරීම වැළැක්වීමට ද දරන ලද නිර්ලජ්ජිත උත්සාහයක් බවය.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්, ධර්මසිරි ලංකාපේලි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, සීතා රංජනී, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, දුමින්ද සම්පත්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති, එන්.එම්.අමීන්, දෙමළ මාධ්‍ය සංසදයේ ලේකම්, කනපතිපිල්ලේ සර්වානන්ද සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි වශයෙන් මාධ්‍ය සංවිධාන 6ක මූලිකයන්ගේ අත්සනින් යුතුවය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...