වංචා දූෂණ හෙළිකළ මාධ්‍යවේදීන් CIDයට කැඳවීම ගැන මාධ්‍ය සංවිධාන එකමුතුවේ විරෝධය

වංචා දූෂණවලට වගකිව යුතු වංචනිකයන් හෝ දූෂිතයන් සම්බන්ධ නීතිමය කටයුතු නොකර ඒ පිළිබඳ හෙළිකරන මාධ්‍යවේදීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකතුව පවසයි.

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන විසින් සුදු ලූනු වංචාව ඇතුළු වංචා පිළිබඳව අනාවරණය කළ පසුව එය වාර්තා කළ ලංකාදීප, දිවයින හා ද අයිලන්ඩ් පුවත්පත්වල මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම දැඩිසේ හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකමුතුව පවසයි.
තවදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම තත්වය දූෂිතයන් ආරක්ෂා කිරීමට හා, දූෂණ හෙළිදරව් කිරීම වැළැක්වීමට ද දරන ලද නිර්ලජ්ජිත උත්සාහයක් බවය.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්, ධර්මසිරි ලංකාපේලි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, සීතා රංජනී, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, දුමින්ද සම්පත්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති, එන්.එම්.අමීන්, දෙමළ මාධ්‍ය සංසදයේ ලේකම්, කනපතිපිල්ලේ සර්වානන්ද සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි වශයෙන් මාධ්‍ය සංවිධාන 6ක මූලිකයන්ගේ අත්සනින් යුතුවය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...