අත්‍යවශ්‍ය ආහාර රැසකට වෙළඳ බදු වදීයි

Date:

ජනවාරි 1දා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකට මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමතිවරයා බදු පනවා ඇත. මෙහි ගැටලුව වන්නේ දේශීය නිෂ් පාදනවල මිල අඩුකිරීම සඳහා මෙම වෙළඳ බදු පනවන බව ආණ්ඩුව සඳහන් කළත් දේශීයව නිෂ්පාදන සඳහා අධික පිරිවැයක් යෙදවීම ට සිදුවීමත් සමඟ අනයනයින භාණ්ඩ සහ දේශීය භාණ්ඩ මිල අතර වෙනසක් නොමැති වීමයි.

එම ඇමතිධුරය දරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකය.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මෙම බදු පැනවීම සිදුකර ඇති අතර ඒ 2024 දෙසැම්බර් 31 දින සහිතව මුදල් අමාත්‍යාංශ නිවේදනයක් මගින්ය.
ඒ යටතේ,

  • හාල් මැස්සන් හා කරවල සඳහා කිලෝවකට රුපියල් 100ක බද්දක්ද,

  • අර්තාපල් අල සඳහා කිලෝවකට රුපියල් 60ක බද්දක්ද,

  • වියළි මිරිස් සඳහා කිලෝවකට රුපියල් 100ක බද්දක්ද,

  • සීනි සඳහා කිලෝවකට රුපියල් 50 ක බද්දක්ද,

  • ලුණු සඳහා කිලෝවකට රුපියල් 40ක බද්දක්ද,

  • සහල් සඳහා කිලෝවකට රුපියල් 65 ක බද්දක්ද,

  • සුදු ළූණු සඳහා කිලෝවකට රුපියල් 50ක බද්දක්ද,

  • මුං ඇට සඳහා කිලෝවකට රුපියල් 300 ක බද්දක්ද,

  • කහ සඳහා කිලෝවකට රුපියල් 360ක බද්දක්ද,

  • පාම් ඔයිල් සඳහා කිලෝවකට රුපියල් 275 ක බද්දක් ද වශයෙනි.

ඒ යටතේ කාණ්ඩ 63කට අයත් ආනයනික ආහාර ද්‍රව්‍ය රැසකට විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇත.

එසේම මැකරල්, ජැක් සහ හෝස් මැකරල් ආනයනය කිරීමේදී කිලෝවකට රුපියල් 400ක් හෝ සියයට 10ක් යන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝවකට රුපියල් 6ක් පමනක් දේශීය ටින් මාළු නිෂ්පාදකයින් ටින්මාළු නිෂ්පාදනය කිරීම සඳහා ආනයනය කිරීමේදී අත්හැරිය යුතු බව එම නිවේදනයේ ජනාධිපතිවරයා
සඳහන් කර ඇත.

එමෙන්ම තවදුරටත් සඳහන් කර ඇත්තේ ලුණු ආනයනය කිරීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වානිජ පරමාර්ථයෙන් තොරව ඖෂධ නිෂ්පාදනය කරන ඕනෑම ඖෂධ නිෂ්පාදන ආයතනයක් සඳහා කිලෝවකට රුපියල් 10ක් අයකරගෙන ඉතිරිය අත්හැරිය යුතු බවයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...