ඕස්ට්‍රේලියාවේ නගරයකින් 50°C ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තා වෙයි

ඕස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක් එරට වෙරළබඩ නගරයක් වූ ඔන්ස්ලෝවලින් වාර්තා විය.

ජනවාරි 13 දා වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමවෙයි.

ඉදිරි දින කිහිපයේ ඔන්ස්ලෝ සහ යාබද නගරවල උෂ්ණත්වය තවත් ඉහළ යනු ඇතැ යි කාලගුණ විද්‍යා අනාවැකි පළව ඇතිබැවින්, උෂ්ණත්වය පිළිබඳ වාර්තාව නැවතත් බිඳී යනු ඇති බවට මත පළවේ.

මෙසේ සිදුවූයේ පසුගිය මාසයේ දී බටහිර ඕස්ට්‍රේලියාවෙන් මහා ලැව්ගිනි ඇතිවීම් වාර්තාවීමත් සමග ය.

මාගරට් ගංගාව ආසන්නයේ හෙක්ටයාර 6000කට වැඩි බිම් කොටසක් දැවී හළුවී ගිය අතර, එම ප්‍රදේශයන්ගෙන් ජනයා ඉවත් කිරීමට ද සිදුවිය.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනවාරි 13 දා පැය 14:26ට (ප.ව. 02:26ට) මෙසේ ඉහළම උෂ්ණත්වය පිළිබඳ වාර්තාව සමවූබව තහවුරු කළේ ය.

එරට මාධ්‍ය පවසන පරිදි, වසරේ මෙම කාලයේ දී ඔන්ස්ලෝහි සාමාන්‍ය උෂ්ණත්වය විය යුත්තේ 36.5°Cකි.

මාර්ඩි සහ රෝබර්න් නම් නගර දෙකක් ද 13 වැනි දා 50°Cට ඉහළ උෂ්ණත්වයක් වාර්තා කළේ ය.

ඕස්ට්‍රේලියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන පරිදි වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ උණුසුම් වාතය එකතුවී තිබේ.

මෙසේ වාර්තා බිඳදමන අන්දමේ උෂ්ණත්වයක් වාර්තාවන්නේ යුරෝපා සංගමයේ චන්ද්‍රිකා පද්ධතිය විසින් පසුගිය වසර හත මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර හතබවට තහවුරු කිරීමෙන් අනතුරුව යි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...