පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ, මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඉදිරියේදී අභියෝගයකට ලක් නොකළහොත් එය මේ මාසයේදි ම සම්මත කරගැනිමට හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඉන් අනතුරුව සාමාන්‍ය පෙළ විභාගයටද බාධාවක් නොවන පරිදි අප්‍රේල් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ.

2023 වසරේ ප්‍රකාශයට පත් කළ පළාත් පාලන මැතිවරණය පැවැත්විමට නොහැකිවූයේ ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලබා නොදීම ‍හේතුවෙන් ය.

ඒ අනුව නවක ඡන්ද දායකයින්ටද අවස්ථාව සලසා දීමේ අරමුණින් මැතිවරණය සඳහා භාරදුන් නාම යෝජනා අවලංගු කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...