Breaking News

වසරේ ප්‍රථම ශතකය විස්සයි විස්සෙන් කුසල් ජනිත් පෙරේරාගේ 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟය ලකුණු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය . තරගාවලියේ ජය දෙකට එකක් ලෙස නවසීලන්ත කණ්ඩායමට හිමි විය .

මෙම තරගයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයකදී  වාර්තා පොත් අතරට එක්වන  තුන්වන විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට අද කුසල් ජනිත් පෙරේරා සමත්වීමයි . එමෙන්ම අද කුසල් ජනිත් පෙරේරා වාර්තා කළ ශතකය වාර්තා පොත් අතර සඳහන් වන්නේ වසර දාහතරකට පසුව ලබාගත් ශතකයක් ලෙසයි .

විස්සයි 20 තරගයකදී මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක වාර්තා කර ඇත්තේ තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන පමණි. කුසල් ජනිත් පෙරේරා පන්දු 46කදී හතරේ පහරවල් 13ක් සහ හයේ පහරවල් 04ක් සමගින් ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් විය.

අද ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර විස්සකදි කඩුලු 5  ලකුණු දෙසිය 218 ක් ලෙස සටහන් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 211ක් පමණි.

එක් දින තරඟ කාල සටහන 

Sat, 04 Jan, 11:00 PM
1st ODI, Wellington, January 05, 2025, Sri Lanka tour of New Zealand

Wed, 08 Jan, 2:00 AM
2nd ODI (D/N), Hamilton, January 08, 2025, Sri Lanka tour of New Zealand

Sat, 11 Jan, 2:00 AM
3rd ODI (D/N), Auckland, January 11, 2025, Sri Lanka tour of New Zealand

leave a reply