Breaking News

මෙවර ජයග්‍රහණය කරන අපේක්ෂකයා චන්ද්‍රිකාව පසුකර යයිද ?

සමන්සිරි හේරත්

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය අද 2024 සැප්තැම්බර් 21 පවත්වනු ලැබුවා . විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරන්නේ 1978 ජේ.ආර් ජයවර්ධන හඳුන්වා දෙන ව්‍යවස්ථාවට අනුවයි. එදා සිට අද දක්වා අපේ රට පාලනය වන්නේ ජේ.ආර්ගේ එම ව්‍යවස්ථාවට අනුව. පළමු වරට විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණය පවත්වන්නේ 1982 . එදා සිට මේ දක්වා විධායක ජනාධිපතිවරු තෝරාගැනීම සඳහා මැතිවරණ අටක් පවත්වා තිබෙනවා . එසේ තේරී පත්වූ ජනාධිපතිවරුන් දෙදෙනෙකුට තමන්ගේ දුර කාලය සම්පූර්ණ කරගන්න බැරුව ගියා . ආර් . ප්‍රේමදාස ත්‍රස්ත ප්‍රහාරයකින් මිය යනවා. ඔහුගේ දුර කාලයේ ඉතිරිය සම්පූර්ණ කරන්න එවකට අගමැතිව සිටි ඩී. බී විජේතුංගට වාසනාව ලැබෙනවා.. ඉන් පසුව 2019 තේරී පත්වු විධායක ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂව ජනතා අරගලයකින් පලවා හරිනවා. ගෝඨාභයගේ පලායාමෙන් පසුව පුරප්පාඩු වූ ඔහුගේ දූරකාලය සම්පූර්ණ කරන්න පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහට අගමැති බවට පත්වී සිටීම නිසා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස අද දක්වා ධූරයේ සිටින්නට වාසනාව ලැබෙනවා.

2024 සැප්තැම්බර් මාසේ 21 වන දා ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල තව හෝරා කීපයකින් නිකුත් වීමට නියමිතයි. එම ප්‍රතිඵල වලට අනුව ශ්‍රී ලංකාවේ මිනිසුන් 9 වන ජනාධිපති ලෙස කාව තෝරාපත් කර ගනීවිද? ඒ පැනයට පිළිතුරු ඔබට ස්ථීර වශයෙන්ම හෙට දිනයේ දී දැනගැනීමට පුළුවන්.

මේ තරඟයේදී ජනාධිපති ලෙස තේරී පත්වීමට නම් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සීයට පනහ ඉක්මවා එක් අපේක්ෂකයෙක් ලබාගත යුතුයි. පසුගිය මැතිවරණ කිසිවක මේ සම්බන්ධයෙන් විශාල ගැටළු මතු වී තිබුණේ නැහැ. . ඊට හේතුව තමයි ප්‍රධාන වශයෙන් ඒ මැතිවරණවල ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව අඩුවීමත් . ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතර කැපී පෙනෙන ප්‍රතිවාදීන් දෙදෙනෙක් සිටීමත් කියන කාරණා. නමුත් මෙවර මැතිවරණයේදී ඒ තත්ත්වය වෙනස් වීම් ජනප්‍රිය අපේක්ෂකයන් හතර පස් දෙනෙක් සටනට එළඹ සිටිනවා. පදනම් කරගෙන ඡන්ද මේ අය අතර බෙදී ගියොත් පුද්ගලයෙකුට ‍ ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සීයට පනහට වැඩියෙන් ලබා ගැනීමට නොහැකි වේ යැයි යම් නිගමන, අනුමාන කිරීම් සිදු කරනු ලැබුවා. තත්ත්වය එලෙසම පවතින නිසා

දැන් අපි ඔබගේ අවධානය යොමු කරන්න යන්නේ මෙතෙක් පැවති මැතිවරණ 8 තුළ ජයග්‍රාහී අපේක්ෂකයන් ලබාගත් මැතිවරණ ප්‍රතිඵලයේ ප්‍රතිශතය වෙතටයි .

1982 ජනාධිපතිවරණය
ජේ.ආර් ජයවර්ධන ප්‍රතිශතය 52.91%
එච්.එස්.ආර්. බී කොබ්බෑකඩුව ප්‍රතිශතය 39.07 %

1988 ජනාධිපතිවරණය
රණසිංහ ප්‍රේමදාස 50.43%
සිරිමාවෝ බණ්ඩාරනායක 44.95%

1994 ජනාධිපතිවරණය
චන්ද්‍රිකා බණ්ඩාරනායක 62.28%
ශ්‍රීමතී දිසානායක 35.91%

1999 ජනාධිපතිවරණය
චන්ද්‍රිකා බණ්ඩාරනායක 51.12%
රනිල් වික්‍රමසිංහ 42.71%

2005 ජනාධිපතිවරණය
මහින්ද රාජපක්ෂ 50.29%
රනිල් වික්‍රමසිංහ 48.43%

2010 ජනාධිපතිවරණය
මහින්ද රාජපක්ෂ 57.88%
සරත් ෆොන්සේකා 40.15%

2015 ජනාධිපතිවරණය
මෛත්‍රිපාල සිරිසේන 51.28%
මහින්ද රාජපක්ෂ 47.58%

2019 ජනාධිපතිවරණය
ගෝඨාභය රාජපක්ෂ 52.25%
සජිත් ප්‍රේමදාස 41.99%

2024 ජනාධිපතිවරණය
රනිල් වික්‍රමසිංහ ?
අනුර කුමාර දිසානායක ?
සජිත් ප්‍රේමදාස ?
නාමල් රාජපක්ෂ ?

leave a reply