රාජපක්ෂලාගේ ගවප්‍රේමය කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේන් විවෘතවේ

රුපියල් බිලියන 1.5 ක ආයෝජනයකින් යුතු දැවැන්ත මස් සැකසුම් කර්මාන්ත ශාලාවක් ඊයේ දිනයේ දී කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී විවෘත කර තිබේ.

දකුණු ආසියාවේ ඇති විශාලතම මස් කර්මාන්ත ශාලාවලින් එකක් ලෙස සැළකෙන මෙය දේශීය ආයෝජනයක් බව පැවසේ.

මෙම කර්මාන්ත ශාලාව හරහා රැකියා අවස්ථා 300 ක් පමණ උත්පාදනය කිරීමටත් නිෂ්පාදන හරහා ජාත්‍යන්තර මාංශ අවශ්‍යතාවයන්ගෙන් 10 % ක ප‍්‍රතිශතයක් සම්පූර්ණ කිරීමටත් අපේක්ෂා කරන බවද වාර්තා වේ.

කර්මාන්ත ශාලාව, කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ පිහිටි අක්කර තුනක භූමි භාගයක් පුරා පැතිරී තිබේ.

කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට, අමාත්‍ය නාමල් රාජපක්ෂ, අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ, අමාත්‍ය කන්චන විජේසේකර, අමාත්‍ය සිරිපාල ගම්ලත්, අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙකු සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකාවෙහි ගව ඝාතනය තහනම් කිරීමට පසුගිය කාලයේ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවිය. එවැනි තහනමක් ක්‍රියාත්මක කිරීමේ සැබෑ හේතුව මෙවැනි මහා පරිමාණ ප්‍රග්ධනයන්ට ඉඩ විවර කිරීම බවට විවිධ අංශවල මත පළවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්