මැතිවරණයෙදි වැඩියෙන්ම ෆේස්බුක් එකට මුදල් වියදම් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ

මැතිවරණයට අදාළව facebook හරහා ප්‍රචාරණයට වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ බව අනාවරණය වී තිබේ.

2024 සමයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුහුණු පොතේ දැන්වීම් ප්‍රචාරණ කටයුතු සඳහා Join Ranil ෆේස්බුක් පිටුවෙන් ඩොලර් 93,100ක්ද, රනිල් වික්‍රමසිංහගේ නිල ෆේස්බුක් පිටුව ඩොලර් 81,700ක්ද සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස්බුක් පිටුවෙන් ඩොලර් 77,200 ක්ද, විජයදාස රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවෙන් ඩොලර් 33,400ක්ද, අනුර කුමාර දිසානායකගේ නිල ෆේස්බුක් පිටුවෙන් ඩොලර් 22,700ක්ද 2024 ජුනි 19 දින සිට සැප්තැම්බර් 16 දින දක්වා වියදම් කර ඇත.

ඒ අනුව මුහුණු පොතේ දැන්වීම් ප්‍රචාරණ කටයුතු සඳහා Join Ranil ෆේස්බුක් පිටුවෙන් රුපියල් 283,65,484.56 ක්ද, රනිල් වික්‍රමසිංහගේ නිල ෆේස්බුක් පිටුව රුපියල් 248,92,159.92ක්ද, සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස්බුක් පිටුවෙන් රුපියල් 235,211,10.72 ක්ද, විජයදාස රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවෙන් රුපියල් 101,76231.84 ක්ද, අනුර කුමාර දිසානායකගේ නිල ෆේස්බුක් පිටුවෙන් රුපියල් 69,16181.52ක්ද වියදම් කර ඇත.

අදාල වාර්තා Meta ආයතනයේ ad Library Report ලින්කුවට ගොස් ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය.

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...