Breaking News

මැතිවරණයෙදි වැඩියෙන්ම ෆේස්බුක් එකට මුදල් වියදම් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ

මැතිවරණයට අදාළව facebook හරහා ප්‍රචාරණයට වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ බව අනාවරණය වී තිබේ.

2024 සමයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුහුණු පොතේ දැන්වීම් ප්‍රචාරණ කටයුතු සඳහා Join Ranil ෆේස්බුක් පිටුවෙන් ඩොලර් 93,100ක්ද, රනිල් වික්‍රමසිංහගේ නිල ෆේස්බුක් පිටුව ඩොලර් 81,700ක්ද සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස්බුක් පිටුවෙන් ඩොලර් 77,200 ක්ද, විජයදාස රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවෙන් ඩොලර් 33,400ක්ද, අනුර කුමාර දිසානායකගේ නිල ෆේස්බුක් පිටුවෙන් ඩොලර් 22,700ක්ද 2024 ජුනි 19 දින සිට සැප්තැම්බර් 16 දින දක්වා වියදම් කර ඇත.

ඒ අනුව මුහුණු පොතේ දැන්වීම් ප්‍රචාරණ කටයුතු සඳහා Join Ranil ෆේස්බුක් පිටුවෙන් රුපියල් 283,65,484.56 ක්ද, රනිල් වික්‍රමසිංහගේ නිල ෆේස්බුක් පිටුව රුපියල් 248,92,159.92ක්ද, සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස්බුක් පිටුවෙන් රුපියල් 235,211,10.72 ක්ද, විජයදාස රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවෙන් රුපියල් 101,76231.84 ක්ද, අනුර කුමාර දිසානායකගේ නිල ෆේස්බුක් පිටුවෙන් රුපියල් 69,16181.52ක්ද වියදම් කර ඇත.

අදාල වාර්තා Meta ආයතනයේ ad Library Report ලින්කුවට ගොස් ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය.

 

leave a reply