මිරිහාන විරෝධතාවයට එක්වූවන්ට එරෙහිව මර්දන නීති යොදාගැනීමේ සූදානමක්

පවතින ආර්ථික පීඩනය එරෙහිව මිරිහාන ඇඹුල්දෙණිය ජනපති නිවෙස ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ පුද්ගලයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දඬුවම් ලබාදීමේ සූදානමක් පවතින බව තරුණ නීතිඥ සංගමය පවසයි.

මෙම විරෝධතාවයෙන් පසු පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසා තිබුණි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් හදුනාගෙන ඇති බවත්, ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් අද උදෑසන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මිරිහානේ පැවති විරෝධතාව අන්තවාදීන් පිරිසක් විසින් සිදුකළ දෙයක් බවයි.

එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ජනතාව පොලු මුගුරු කැති මන්න රැගෙන විරෝධතාවයට සහභාගි වී තිබේ.

නමුත් විරෝධතාවය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පට සහ ඡායාරූප හරහා පෙනී යන්නේ ජනාධිපති මාධ්‍ය අංශය අසත්‍ය පතුරවමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවයි.

පීඩනයට එරෙහිව සිදු වූ ජනතා අරගලයක් අන්තවාදීන් විසින් සිදුකළ ක්‍රියාවක් බව පැවසීම ද ජනතාව නොමඟ යැවීමට සිදුකළ උත්සාහයක් ජනතාව පවසයි.

මේ සියල්ල හරහා ආණ්ඩුව උත්සාහ කරන්නේ ආණ්ඩුවට එරෙහිව මේ නැගෙමින් පවතින විරෝධය මර්ධනය කිරීම බව පෙනෙන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...