ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබූ රියදුරු බලපත් පරිවර්තන ගිවිසුම ඒ වෙනුවෙන් අරගල කළ ජනතාවගේ ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දෙරටේ රියදුරු බලපත් පරිවර්තනය කිරීමේ ගිවිසුමට අද අත්සන් තබනු ලැබුවා. දෙරට අතර පැවති මේ එකඟතා ගිවිසුම අහෝසි වීම හේතුවෙන් වසර 4 ආසන්න කාලයක් විශේෂයෙන්ම රියදුරු රැකියා සඳහා ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ගැටලුකාරී තත්ත්වයට මුහුණ දෙමින් සිටියා. 2022 ගිවිසුම අහෝසි වූ දා සිට මේය බලාත්මක කර ගැනීම සඳහා ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ශ්‍රී ලංකාවේදී ජන අරගල සන්ධානය ද මෙයට මැදිහත්වීම් කළා. අවස්ථා කීපයකදීම වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම් වර්තමාන විදේශ කටයුතුතු ඇමතිවරයාවද, පෙර ආණ්ඩුවේ හිටපු අලි සබ්‍රි අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා පවත්වමින් මේ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා මැදිහත්වීම් ගණනාවක් සිදු කරනු ලැබුවා.

එමෙන්ම ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මැදිහත් වෙමින් සංවිධානය වෙමින් ඉක්මන් විසඳුම් අපේක්ෂා කළ ද විවිධ හේතු මත ඒවා කල්ගියද වසරකට පසු වර්තමාන ආණ්ඩුව යටතේ ගිවිසුම අත්සන් තැබීම අරගල කළා ඉතාලියේ ශ්‍රී ලාංකික ජනතාව ලද ජයග්‍රහණයකි.

වඩාත් නිවැරදිව මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් මෙය තනි පුද්ගලයෙකුගේ ජයග්‍රහණයක් නොව සාමූහික ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි . ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය ලෙස අපද මෙයට මැදිහත් වූ අතර වර්තමාන ආණ්ඩුවේ නියෝජිතයා ලෙස ඉතාලියට පැමිණි තානාපතිවරයා සමග මේ ගැටලුව විසඳා ගැනීම සඳහා මැදිහත් වූ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව සාකච්ඡා කරනු ලැබුවා.

ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම පිළිබඳ ගැටලුව විසඳා ගැනීම
ඉතාලියේ රියදුරු බලපතේ කථා වස්තුව
ජයග්‍රහණය වෙත ලංවන ඉතාලියේ රියදුරු බලපත් ගැටලුව!
NPP ආණ්ඩුවට ඉතාලියේ රියැදුරු බලපත් අර්බුදය ප්‍රමුඛ ප්‍රශ්නයක් නොවෙයිද ?

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...