ලලිත්-කුගන් අතුරුදන් කිරීම ගැන අහන්න ගෝඨාභය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

ලලිත් සහ කුගන් අතුරුදන් කිරීමට අදාළ නඩුවට සක්ෂි දීමට අද, නොවැම්බර් 27 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අතර එම අවස්ථාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් පවත්වන ලදී.

එම අවස්ථාවේ අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා මෙම අදහස් දැක්වීය.

“2010 දෙසැම්බර් 9 රාත්‍රී යාපනය අධි ආරක්ෂිත ප්‍රදේශයකදී ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් සහෝදරවරු දෙදෙනා පැහැරගෙන අතුරුදන් කරනු ලැබුවා. මේ වනවිට වසර 16ක් ගෙවී ගියා ඔවුන් ගැන ආරංචියක් නෑ. ඔවුන් දෙදෙනා පැහරගෙන දින කිහිපයක් තුළ එවකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ ඔවුන් දෙදෙනා පැහරගෙන නැති අතර අත්අඩංගුවට ගත් බව. ඒ කියන්නේ මේ පැහැරගැනීම් කෙරෙන්නේ රජයේ අවබෝධයෙන්. පසුව අපි මේ පිළිබඳ පැවරූ නඩුවේ සාක්ෂි දෙමින් හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා තමන් එය පැවසුවේ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදුන් තොරතුරු ආශ්‍රිතව බව. අපි වසර ගණනාවක් උත්සාහ කර අවසානයේ ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරියට ගෙනාවා. පසුගිය නඩු වාරයේ අහපු හැම ප්‍රශ්නයකටම ගෝඨා කිව්වේ මට ඇහෙන්නේ නෑ, මට මතක නෑ කියලා විතරයි. එයාට එහෙම මගහරින්න බෑ. 2015 නොවැම්බර් 8 සත්හඬ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පැහැදිලිව කියනවා කුමාර් ගුණරත්නම් සහෝදරයා පැහැරගැනීම ඔහුගේ අවබෝධයෙන් වුණේ කියලා. එහෙමනම් ලලිත් සහ කුගන් පැහැරගැනීම විතරක් නොදැන ඉන්න හේතුවක් නෑ. අපි යුක්තිය සඳහා සටන නවත්වන්නේ නෑ. අපට අවශ්‍ය පළිගැනීමක් නෙවෙයි. වරදක් කළ අයට කවදා හෝ දඬුවම් ලැබෙන බව තහවුරු කළොත් විතරයි අනාගතයේ මේවා සිදුවීම නවත්වන්න පුළුවන්. අපේ මේ සටන ලලිත් සහ කුගන් වෙනුවෙන් විතරක් නෙවෙයි දසදහස් ගණන් අතුරුදන් වූ මිනිසුන් වෙනුවෙන්. අපේ මේ සටන අතීතයට යුක්තිය ඉල්ලා සිටීමක් විතරක් නෙවෙයි, අනාගතයේ කිසිවෙකුට මෙවැනි ඉරණමක් අත්වීම වලක්වන්න.”

Share post:

Popular

වෙනත් පුවත්

රදලයෙකු ප්‍රවේණිදාසයෙකුට කියන්නාක් මෙන් – “උඹලට ඔච්චර තමයි දෙන්නේ. මම දෙන දෙයක් කාලා කට පියාගෙන හිටපියව්”

ජනාධිපතිවරයා ඊයේ සිය පක්ෂ සාමාජිකයන් කැඳවා කම්කරු ඉල්ලීම් පිළිබඳ...

එළවළු මිල තවත් ඉහළට

පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ දිනෙන් දින ඉහල යමින්...

ළමා සුරක්ෂාව අවදානමක – මුල් මාස 9ට දරුවන් සම්බන්ධ පැමිණිලි 9,613ක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) වාර්තාවක් හරහා රට පුරා...

ට්‍රම්ප් නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වයි

ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි චීනය, යුරෝපා සංගමය...