පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති ක්‍රීඩා වීඩියෝ පටයක් ලීක් වී තිබෙනවා. ඒ පසුගිය ජූනි මස 26 වැනිදා සිට ජූලි 05 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු බැඩ්මින්ටන් තරගාවලිය සදහා එක්ව ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් රති ක්‍රීඩාවේ නිරතවන වීඩියෝ පටයකුයි.

මෙහිදී මෙම පාසල් ක්‍රීඩකයින් දෙදෙනා ඉතා සරාගී ලෙස රති ක්‍රීඩාවේ නිරතවන ආකාරය වීඩියෝ කර සෙසු ක්‍රීඩකයින්ට පෙන්වා ඇත්තේ – පින ඇත්තෝ – කති – බොති – #කති කියමිනි.

මෙම ප්‍රශ්නගත ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක වන අතර ජාතික පාසල් ශ්‍රේණිගත කිරීම් අතර මුල් ස්ථාන අතරේ සිටිනවා. ඔවුන්ගේ නම් ගම් හා අනෙකුත් සියලු තොරතුරු විවර සතු වුවත් ඒවා ප්‍රසිද්ධ නොකරන්නේ මාධ්‍ය සදාචාරය රැකීමට අප බැදී සිටීම හේතුවෙනුයි.

ජපානයේ පැවති මෙම වයස අවුරුදු 19න් පහළ කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ගිය පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කාන්තා කණ්ඩායම් නිලධාරිනියක් හා කණ්ඩායම් කළමණාකරුවෙක් එක්ව සිටියා. මෙලෙස කණ්ඩායම් කළමනාකරු ලෙස එක්ව සිටියේ පාසල් බැඩ්මින්ටන් සංගමයේ භාන්ඩාගාරික ඩර්වින් සිල්වායි.

ඔවුන්ව තෝරාගෙන තිබුනේ පෞද්ගලිකව ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට තිබූ හැකියාව හා පාසල් සංගමයේ නිලධාරීන් වීම හේතුවෙනුයි. වෘත්තීය කිසිදු දැනුමක් ඔවුන්ට සිය කටයුතු පිලිබද නොවීම හේතුවෙන් මෙම රති ක්‍රීඩා සිදුවීම වී තිබෙනවා.

මේ වන විට ජාතික පාසල් බැඩ්මින්ටන් සංගමය සියලු තොරතුරු වසා දැමීමට අවශ්‍ය පියවර ගනිමින් තිබියදී ජාතික බැඩ්මින්ටන් සංගමයේ වැඩ බලන සභාපති චාමර අලුත්ගේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව අප වෙත පැවසුවා. කෙසේ වෙතත් මෙම රති ක්‍රීඩා සිදුවීම වසා දැමීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජාතික පාසල් බැඩ්මින්ටන් සංගමයට නියෝග කර ඇතැයි වාර්තා වනවා. ඒ ගිය දේ ගියා ඉස්සරහට නොවෙන්න වැඩ කළ යුතු බව පවසා බවටයි අධ්‍යාපන අමාත්‍යාංශ, පාසල් බැඩ්මින්ටන් සංගමයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ. කෙසේ වෙතත් අප කළ විමසීමේදී මෙම ගැටළුව අගමැතිනිය වෙත යොමුවීම වැලැක්වීම සදහා ජාතික පාසල් බැඩ්මින්ටන් සංගමය එලෙස පිලිතුරු දුන්නා දැයි සාධාරණ සැකයක්ද අපට නැතුවා නොවේ.

මෙම දැරිය රති ක්‍රීඩා කිරීම හේතුවෙන් ගැබ් ගැනීමක් සිදු වුවහොත් ඊට වග කියන්නේ කව්ද ? හොද නරක ගැන විශේෂ තැකීමක් නැති මෙම යොවුන් දරුවන්ගේ ආරක්ෂාවට විදෙස් ගතවන නිලධාරීන් කුමක් කළේදැයි ප්‍රශ්න කළ යුතු නැද්ද ? සෑම තරගාවලියක්ම නිමා වී දින 14ක් ඇතුලත ලබා දෙන කණ්ඩායම් කළමණාකරු වාර්තාවේ මෙම සිදුවීම සැගවූයේ නිලධාරීන්ගේ ඇග බේරා ගැනීමට බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට මෙන්ම එම නිලධාරීන්ටත් එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග දෙස රටම බලා සිටිනවා.

මේ අතර දෙමාපින් දරුවන්ගේ ආරක්ෂාවට නිලධාරීන් විදෙස් ක්‍රීඩා තරගාවලි සදහා එක්වන බව සිතා සිටියත් එහි ඇති අඩුපාඩු මෙවන් සිදුවීම් තුලින් එලියට එනවා. මීට වඩා සිදුවීමක් වී ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවකගේ ජීවිතයක් නැති වූවා නම් හූල්ලා හෝ කමිටු පත් කර වැඩක් නෑ.

ඉතින් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා අගමැතිනී හරිනි ප්‍රමුඛ රජයේ අවධානය පිණිසයි. තොවිල් නටා පැන්නිය යුත්තේ රාජකාරි නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන්ව බව මෙම සිදුවීමෙන් පෙනී යනවා.

මේ පිලිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

  • ගවේෂණාත්මක ක්‍රීඩා වාර්තාකරු

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...