පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ දිනෙන් දින ඉහල යමින් පවතින එලවළු මිල හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටියි.
මේ වන විට හැටන් ආශ්රිත බොහෝ ප්‍රදේශ වල බෝංචි කිලෝව රුපියල් 800ත් 1000ත්, වම්බටු කිලෝව රුපියල් 600ත් 700ත්, වැටකොළු කිලෝව 550ත් 600ත්, පතෝල කිලෝව රුපියල් 560ත් 600ත්, ගෙඩි ගෝවා කිලෝව රුපියල් 650ත් 700ත්, වට්ටක්කා ඩ රුපියල් 350ත් 400ත්, අලු කෙසල් කිලෝව රුපියල් 400ත් 450ත්, කැරට් කිලෝව රුපියල් 650ත් 700ත්, පිපිඤ්ඤා කිලෝව 350 ත් 400ත්, තක්කාලි කිලෝව රුපියල් 750ත් 800ත්, බිට් කිලෝව රුපියල් 450ත් 500ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 900ත් 100ත්, දෙහි කිලෝව රුපියල් 2000ත් 2500ත්, පොලොස් ගෙඩි පිටින් කිලෝව 150ත් 200ත් අතර මිලකට අලෙවි වනු ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ එළවලු වෙළඳුන් සඳහන් කර ඇත්තේ පැවති හා පවතින අයහපත් කාලගුණික තත්වයන් මත බොහෝ එලවළු වගාවන් විනාශයට පත් විමත් සමග ප්‍රමාණවත් ලෙස එලවළු වෙලද පොලට නොලැබෙන බවත් ලැබෙන එලවළු තොග මිලද දැඩි ලෙස ඉහල යාමෙන් මෙම තත්වයන් උදාවේ ඇති බවත්ය.
එලවළු මිල මෙසේ ඉහල යාමත් සමග පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම වෙලදුන් වැඩි දුරටත් පැවසිය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඔක්තෝබර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්තා කර ඇති සියයට 8.5ක උද්ධමනය 2023 වසරේ ජූනි මාසයෙන් පසුව එනම් මාස 40 කට පසුව වාර්තා වී ඇති ඉහළම ජාතික උද්ධමන අගය ලෙස සටහන්ව තිබේ. 2023 ජූනි මාසයේදී උද්ධමනය සියයට 10.8ක් ලෙස සටහන් විය.
එතැන් සිට ක්‍රමයෙන් අඩු වී 2023 අගෝස්තුවේදී තනි අගයක් බවට පත් වූ උද්ධමනය 2024 සැප්තැම්බරයේදී ඍණ අගයක් දක්වාද පහළ යමින් මේ වනවිට යළිත් වටයකට ඉහළ යමින් තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කර තිබේ.




