“තත් සිඳ වයමි හද වෙණ” “සඳට රහසින් පෙම් කළා මම” කාව්‍ය සංග්‍රහයන් දෙක මෙවර ලිට් රූම් සූම් සංවාද මණ්ඩපයට

Date:

2026.07.19 කියන්නේ ලිට් රූම් සූම් සංවාදය එක්ක එකතු වෙන අයට සුවිශේෂී දවසක්. මොකද සුපුරුදු විදිහට කවිය ගැන කතා කරන දවසක් හැටියට වෙන් උනත්, එදාට කතාබහට ලක් වන කවි පොත් දෙක සුවිශේෂී යි කියලා තමයි මට හිතෙන්නේ.

එදාට අපි අතර ඉන්න දක්ෂ කිවිදියක් වගේ ම ලේඛිකාවක් වන ෂර්මිලා බංදුනී දංවත්තගේ “සඳට රහසින් පෙම් කළා මම” කියන කාව්‍ය සංග්‍රහයත්, දක්ෂ කිවිදියක් වගේම ගේයපද රචිකාවියක් වන චන්දිමා ලියන ආරච්චිගේ “තත් සිඳ වයමි හද වෙණ” කාව්‍ය සංග්‍රහයත් තමයි සාකච්ඡාවට බඳුන් වන්නේ.

ෂර්මිලා බංදුනී දංවත්ත විසින් රචිත සඳට රහසින් පෙම් කළා මම කාව්‍ය සංග්‍රහය ගත්තොත්, ඒක ශ්‍රී ලංකා හයිකු නමින් නම් කරලා තියෙනවා. ඇය හයිකු කවිය තුළ කෙතරම් දුරට සාර්ථක වී ඇත් ද යන්න පිළිබඳව සලකා බැලීමට වඩා මම කැමතියි කාව්‍ය සංග්‍රහය තුළ ඇති සියලු ම කවි කාව්‍යමය ගුණයෙන් යුතු, රස විඳිය හැකි, කවි ලෙස හදුන්වා දෙන්න. එම සියලු කවි හයිකු කාව්‍ය ම ද? යන්න පිළිබඳව එදිනට අපි සාකච්ඡා කරමු. කොහොම නමුත් ඇය ස්වභාව ධර්මයේ සංසිද්ධීන් පාදක කර ගනිමින් ඉතා අපූර්ව වූ කවි අප වෙත ලබා දී, එ මගින් අප ජීවිතයේ මනෝ සමාජීය යථාර්ථයන් රසවත් ව ගෙන හැර පෑමට සමත් වී තිබෙනවා. ඇයගේ රසවත් කවි කීපයක් මෙතන සටහන් කරන්නේ ඇයගේ කවි මගට සුබ පැතුම් එක් කිරීමක් ලෙසයි.

” වැසි කුණාටුව
සමහර මල්වල
පෙති හලන හැටි”

” සැඩ සුළං මැද
මේ මල් දෙක
ඉක ඉත්තේ ම”

චන්දිමා ලියන ආරච්චි විසින් රචිත “තත් සිඳ වයමි හද වෙණ” කාව්‍ය සංග්‍රහය ගැන කතා කළොත් එය සඳැස් සහ නිසඳැස් කවි වලින් යුතු කාව්‍ය සංග්‍රහයක්. ඇයගේ කෘතිය තුළ ද අපට විදිය හැකි කාව්‍යමය ගුණයෙන් යුතු කවි ගණනාවක් ම ඇති බව පැවසිය යුතුමයි. ඇයගේ කවිය තුළ ඇය සමාජයේ බොහෝ ඉසව් දෙස කාව්‍යමය ඇසකින් බලා ඇති බව පැහැදිලි වන කරුණක්. ඇය සමාජයේ විවිධ පැතිකඩ කාව්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්නේ කවියක තිබිය යුතු සියලු ම ගුණාංග ද කැටිවයි. ඇය අතීත කතා, ජන කතා, ජන කාව්‍ය ද තම කාව්‍ය කෙත සාරවත් කර ගැනීමට භාවිත කර ඇති බව මා දුටු සුවිශේෂී ගුණයක්. ඇයගේ කවියක කොටසක් මෙලෙස එක් කරන්නේ ඇයගේ කවි මගට සුබ පතමින්.

” පංසලේ ආවාස ගේ ළඟ
මුචලින්ද ඉන්නවා අම්මේ
එති එතී මගෙ බඳ වටේ
තබා හිස මත නයි පෙනේ
දිවුරුවා සත්තමයි දවසක
එතෙර කරනා බවට කිව්වා
ජීවිතේ නේරංජනේ…… “

කාව්‍යකරණයේ බොහෝ ඉසව් තරණය කල හැකි කාව්‍ය කෘති දෙකක් මෙදින ලිට් රූම් සාහිත්‍ය සංවාදය සඳහා තෝරාගෙන ඇති බැවින් ජූලි 19 දින සංවාදය බොහෝ සුවිශේෂී වේවි. ඒ වගේම එදිනට මේ කවි ගැන ප්‍රධාන අදහස් දක්වන්නේ කේෂ්ත්‍රයේ ප්‍රවීණ ලේඛකයින් විචාරකයින් වන ආචාර්ය මනෝජ් ජිනදාස, සාහිත්‍යවේදි වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල, සාහිත්‍යවේදී නලින්ද සංජීව ලියනගේ සහ කිවිඳී රුවන්මලී කොඩිකාර යන මහත්ම මහත්මින් විසිනි. එනිසා ම මෙවර ලිට් රූම් සාහිත්‍ය සංවාදය කවිය රස විඳින්න කැමති අය වගේම කවි ලියන්න ඉගෙන ගන්නා අයටත් බොහෝ දේ රස විඳින්න වගේ ම ඉගෙන ගන්න පුළුවන් සංවාදයක් වේවි.

එහෙනම් 2026.07.19 හරියට ම රාත්‍රී හතට හමුවෙමු. එකතු වෙමු. කවිය රස විඳිමු. කවිය ඉගෙන ගමු. ප්‍රධාන අදහස් දැක්වීමෙන් අනතුරුව ෂර්මිලා බංදුනී දංවත්තගේ සහ චන්දිමා ලියන ආරංචිගේ කවි ගැන ඔබගේ අදහස් පළකරන්නටත් අවස්ථාව ලැබෙනවා.

දිනේෂා මධුවන්ති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...