රාජ්‍ය අත්අඩංගුවේ පසුවූ දමිළ තරුණයන් දෙදෙනෙක් පහරදීම්වලට ලක්වී ඇති බවට චෝදනා

එක් සතියක් ඇතුළත යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක දෙකකදී රාජ්‍ය අත්අඩංගුවේ පසුවූ පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රචණ්ඩත්වයට ගොදුරු කර ඇති බව ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරයි.

මෙහිදී යාපනය බන්ධනාගාරය තුළ රඳවා සිටි පුද්ගලයෙකු පහරදීමෙන් කොමා තත්ත්වයට පත්ව ඇති අතර මඩකලපුව පොලිස් ස්ථානයක් තුළ තවත් 23හැවිරිදි තරුණයෙකු පහරදී මරා දමා ඇති බවට චෝදනා එල්ල වේ.

මඩකලපු පොලිස් ස්ථානයකදී මියගිය 23 හැවිරිදි සිවනේසරසා රිනෝෂාන්ගේ මව පවසන්නේ ඇගේ පුතා බයිසිකල් සොරකමක් සම්බන්ධයෙන් දෙසැම්බර් 2වනදා අත්අඩංගුවට ගන්නා ලද බවයි. ඇය පවසන්නේ එදින රාත්‍රියේ පොලිස් ස්ථානයට ගියවිට ඔහුට පොලිස් නිලධාරීන් පහරදුන් බව පුතා පැවසූ බවයි. පසුදා උදෑසන, ඇය ඔහුව උසාවියේ දී යන්තම් සිහිසුන්ව සිටි ආකාරය දැක තිබේ. දින කිහිපයකට පසු ඔහු මියගොස් තිබේ. පොලිස් පැහැදිලි කිරීම වී ඇත්තේ රිනෝෂන් “අයිස්” මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීමෙන් මිය ගිය බවයි.

එසේම යාපනය බන්ධනාගාරය තුළ මියගිය තරුණයාගේ සහෝදරිය පවසන පරිදි ඇගේ සහෝදරයා යාපනය ශික්ෂණ රෝහලේ කෝමා තත්වයේ පසුවෙයි. නොවැම්බර් 6 වන දින අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඔහු දින පහකට පසු හිසට බරපතල තුවාල සහිතව රෝහල් ගත කර තිබේ. බලධාරීන් පවසන්නේ ඔහු “ලිස්සා වැටුණු” බවයි.

නමුත් ඔහුගේ සහෝදරිය පවසන්නේ නොවැම්බර් 8 වන දින තමන් බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඇගේ සහෝදරයා “ඔවුන් මට පහර දුන්නා.” යනුවෙන් පැවසූ බවයි.

ඇය මේ පිළිබඳ මාධ්‍යයට පැවසූ නිසා පසුගිය බදාදා, යාපනය පොලිසිය ඇයගෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...