කැබිනට් තීරණ දැනුම් දීම සදහා පසුගිය 06 වෙනිදා කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට සහභාගි විය හැක්කේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම්පත හිමි මාධ්‍යවේදින්ට පමනක් බව එම දොපාර්මේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් හර්ෂ බණ්ඩාර එහි ආරක්ෂක නිලධාරින්ට සහ කර්ය මණ්ඩලයට නියෝග කර තිබුණි. ප්‍රවෘත්ති සාකච්ජාවට සහභාගි වීම සදහා එහි ගිය ලියුම්කරුට ප්‍රවෘත්ති සාකච්ජාව තිබෙන ශ්‍රවනාගාරයට ඇතුල් විමට ඉඩ දිය නොහැකි බව එම නිලධාරීන් දැනුම් දෙන ලදී.

පසුව ලියුම්කරුට රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ නිලධාරිනියක් මාධ්‍ය හැදුනුම් පත ගත්තා නම් ප්‍රශ්නයක් නැතැයි පවසා මාධ්‍ය හැදුනුම් පත සදහා අයදුම් කරන පෝරමයක් ගෙනත් දී එය පුරවා දෙන්නැයි කීවාය. ටික වේලාවකින් පසු අයදුම්පත පුරවා දුන්නත් මාධ්‍ය සාකච්ජාවට සහභාගි වීමට ඉඩ දිය නොහැකි යැයි එම නිලධාරිනිය ලියුම්කරුට දැනුම් දුන්නාය. පසුව ලියුම්කරු බාගේට පිර වු අයදුම් පත්‍රය දෙකට නවා බෑගයේ දමා ගෙන ශ්‍රවණාගාර ගොඩනැගිල්ලෙන් එළියට බසිද්දී, ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින් ද ජයතිස්ස මුහුණට මුණ ගැසුණි.
ලියුම්කරු මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට ඔහු හමුවේ විරුද්ත්වය ප්‍රකාශ කලේ ය.ඒහිදී ඊලග කැබිනට් ප්‍රවෘත්ති සාකච්ජාවට රජයේ හැදුනුම්පත රැගෙන පැමිනෙන්නැයි අමාත්‍යවරයා ලියුම්කරුට කීවේය. මම හැදුනුම් පත ගන්නේ නැහැ කියලා කිව්වේ නැහැ . නමුත් රජයේ මාධ්‍ය හැදුනුම් පත එකම හැදුනුම් පත ලෙස පිළිගන්න අපි සුදානම් නැතැයි කියමින් ලියුම්කරු අමාත‍්‍යවරයාට පිළිතුරු දුන්නේය.
පසුව ලියුම්කරු එම දෙපාර්මේන්තුවේ අපන ශාලාවේ සිට ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ශාන්ත විජේසුරියට කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකචජාව තහනම් කෙරේ යනුවෙන් ලංකා ස්කයි නිවිස් වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පල කළේය. ඒ් සමග ම ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්ව එම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කෙරිණ.
ශ්‍රි ලංකා වෘත්තිය ජන මාධ්‍යවේදින්ගේ සංගමය ඇමතිවරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්තනොමතික ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරිමේ රජයේ ප්‍රතිපත්තිය පිළිකුල පල කිරීම යන මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදි.
අප්‍රේල් 30 වෙනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාව ආරම්භ කරමින් එම දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා අද එක ප්‍රශ්නයක් අසන්නැයි මාධ්‍යවේදින්ගෙන් ඉල්ලීමක් කළේය. මිට පෙර ද ඔහු මාධ්‍යවේදින් ඇසිය යුතු ප්‍රශ්න ගණන සහ එහි අන්තරගතය තින්දු කිරීමට මැදිහත් වු අවස්ථාවල ලියුම්කරු ඊට විරෝධය පල කළේය. අද එක ප්‍රශ්නයක් අසන්නැයි කියද්දි ලියුම්කරු ඊට අදහස් දැක්වීමට උත්සහ කරද්දී හිරු නාලිකාවේ භානුක සම්මුඛ සාකච්ජාවක මෙන් එක දිගට ප්‍රශ්න ඇසීම එම අවස්ථාව මග හැරි ගියේය. පසුව දිවයින පුවත්පතේ මාධ්‍යවේදී සහන් නුවන් ගනේගොඩ එම සාකච්ජාව මෙහෙය වන්නැයි අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළේය. අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ සාකච්ජාව මෙහෙයවනවාට තමා විරුද්ධ බව ලියුම්කරු පැවසිය. මිට පෙර මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේනලාගේ පාලන කාලයේ පැවති අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ජා ඒ කාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරු මෙහෙයුවේ නැත. සහන් ගනේගොඩ කියන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු බවත් ඔහුට සවන් දිය යුතු බව එක්තරා වෙබ් අඩවියක මාධ්‍යවේදියෙකු පැවසිය. ජ්‍යෙෂ්ඨත්වය තිරණය වන්නේ මාධ්‍ය ආයතන වල පුටු රත්කල කාලයෙන් නොව වැඩ වලින් බව ලියුම්කරු පෙන්වාදුන්නේය. සහන් ගනේවත්ත ජ්‍යෙෂ්ඨ යැයි මාධ්‍යවේදියෙකු මතු කර පෙන්විමට ගත් උත්සහය ඔහු විසින් ප්‍රතික්ෂේප කළේය.
අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ භුමිකාව ප්‍රශ්න කිරීමත් කුලීයට ලියන්නන්ට අභියෝග කිරීමත් කැබිනට් ප්‍රවෘත්ති සාකච්ජා තහනම් කිරීමට ආසන්න හේතු වශයෙන් පෙන්වා දිය හැකිය. ඒසේ වුවත් ඊට දේශපාලන හේතුවක් ඇති බව අධ්‍යක්ෂක ජනරාල්වරයත් පිළිගත්තේය. අමාත්‍යවරයා සමග මැයි 14 වනදා ජන මාධ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ජාවේදී විවිධ දේශපාලන න්‍යාය පත්‍ර වලට කරගහ සිටින ජනමාධ්‍යවේදීන් කැබිනටි තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ජාව ඔවුන්ගේ අරමුණු සදහා පාවිච්චි කිරීමට උත්සහ කරන බවට චෝදනා කළේය. අමාත්‍යවරයා මුලින් පැවසුවේ පාතාල සමාජිකයින් ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිනීමේ අනතුරක් ඇති බවය. දැන් විවිධ දේශපාලන මත දරණ අය කැබිනට් තිරණ දැනුම්දිමේ ප්‍රවෘත්ති සාකච්ජාව ආක්‍රමණය කරන නිසා හැදුනුම්පත අනිවාර්ය කළ යුතු බව පවසයි. එම සාකච්ජාවේදී කෙනකුට මාධ්‍ය හැදුනුම්පත අරගෙන ඔය විධියේ ප්‍රශ්න අහන්න පුළුවන්නේද? යනුවෙන් ශ්‍රී ලංකා ජන මාධ්‍යවේදීන් සංගමයේ විධායක සභික ලක්ෂ්මන් සහෝදරයා ඇමතිගෙන් පෙරළා ප්‍රශ්නයක් ඇසිය. ඇමතිට එම ප්‍රශ්නයට සාර්ථක උත්තර දිය හැකි ද යන්න තිරණය කිරිම ඔබට බාරයි. මාධ්‍ය හැදුනුම්පත සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ අත්තනොමතික ස්ථාවරයට එරෙහිව අප කිප දෙනෙකු මැදහත් වුවත් මාධ්‍ය සංවිධාන ,මාධ්‍යවේදින්, කර්තෘවරුන් , සහ ආයතන හිමියන් කාසය පානය කළ ගොලුවන්සේ හැසිරුණි.
එදිනම අමාත්‍යවරයා මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රජයේ ප්‍රවෘත්ති සාකච්ජාවලට පැමිනෙන මාධ්‍යවේදීන් හට රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කරන බව නැවතත් පැවසීය. ඊට බලපෑ හේතු වශයෙන් පෙන්වාදුන්නේ අතිතයේ පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයෙතුට ඒක්තරා පුවත්පතක් මගින් රජයේ හදුනුම්පතක් ලබා දීමට කටයුතු කර ඇති බවය.
පැවති ආණ්ඩු මෙන්ම ජාතික ජන බල ආණ්ඩුවත් මාධ්‍ය මර්දනය කරන බව කී මාධ්‍යවේදීය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ පුවත්පත් සහ වෙබ් අඩවි ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කළ ද එම වෙබ් අඩවි සහ පුවත්පත් නිෂ්කාශනය කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබු බව පෙන්වා දුන්නේය. තවදුරටත් ඔහු සදහන් කළේ එම අමාත්‍යංශය නිෂ්කාශන කටයුතු අවුරුදු ගණන් ඇදීම නිසා මාධ්‍යවේදීන්ට මාධ්‍ය හැදුනුම් පත් ලබා ගැනීම ප්‍රමාද වු බවත් එසේදි තිබියදී ආණ්ඩුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාව සදහා හැදුනුම්පත අනිවාර්ය කිරීම මගින් ආණ්ඩුව මාධ්‍යයට අනිසි අත පෙවිම් සිදු කරන බවත්ය.
රජයේ ප්‍රවෘත්ති සාකච්ජා සහ වාර්තාකරණයෙදී ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව විසින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරිම පිළිගත නොහැකිය. ලියුම්කරු ලෝකයේ විශේෂයෙන් යුරෝපයේ ජන මාධ්‍යවේදින් භාවිතා කරන්නේ ඔවුන් සේවය කරන ආයතනයෙන් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත බව පෙන්වාදුන්නේය. මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීම ඇතුලේ තියෙන්නේ අනන්‍යතාවය පිළිබද ප්‍රශ්නයක් නොවේ . “මාසයකට ආසන්න කාලයක ඉදලා මම මේ ප්‍රවෘත්තී සාකච්ජාවට සහභාගි වෙනවා . මම මාධ්‍යවේදියෙකු බව ඇමතිතුම,අධ්‍යක්ෂක ජනරාල් තුමාත් දන්නේ නැද්ද? මම ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදින් සංගමයේ විධායක සභිකයෙකි. මා භාවිතා කරන්නේ ජාත්‍යන්තර ජන මාධ්‍යවේදීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන් සංගමය මගින් නිකුත් කරන ලද හැදුනුම්පතකි. ලංකා ස්කය් නිව්ස් වෙබ් අඩවිය මගින් නිකුත් කරන ලද හැදුනුම්පතක් මා සතුව ඇත.”
රජයේ විශේෂයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ජාව සදහා සහභාගි වන මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවෙන් මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව සමාජ මාධ්‍ය තුළ පැන නැගුනු විරෝධය නිසා ඇමතිට මැයි 14 වැනිදා සාකච්ජාව ලබා දිමට බල කෙරිණ. විශේයෙන්ම ජාතික ජන බලවේගයේ මෙන්ම ජවිපෙ හිතන මතන කොටස්, ආචාර්ය මහචාර්යවරු, සමාජ මාධ්‍ය හසුරවන සමාන්‍ය කම්කරු -පීඩිත මහජනයා අතර ලියුම්කරු දොට්ට දැමීම මෙන්ම මාධ්‍ය මර්දනයට එරෙහිව සාකච්ඡාවක් පැන නැගී තිබිනි..
ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන් ගේ සංගමය ඇමතිවරයාගෙන් සහ ජනාධිපතිවරයගෙන් ලිඛිත ඉල්ලීමක් කළත් සාකච්ජාවක් නොලැබුණි. පසුගිය ආණ්ඩු වල මාධ්‍ය මර්දනය නිසා විදේශ ගත වු අපේ සංගමයේ හිටපු නායකයන් ජනාධිපති සමග සාකච්ජාවක් ලබා දීමට උත්සහ කළත් එම උත්සහය ද සාර්ථක වුයේ නැත.අධ්‍යක්ෂක ජනරාල්වරයා අප සංමගය සමග සාකච්ජා කළේ ලියුම්කරුගේ සිද්ධිය පාදක කරගෙනය. එහි දි මේ පිළිබද ඇමතිවරයා සමග සාකච්ජාවක් ඉල්ලු අතර ඒ අනුව මාධ්‍ය සංවිධාන වලට , ,මාධ්‍ය ආයතන හිමියන්ට, කර්තෘ සංසදය සහ තොරාගත් රජයේ සහ පෞද්ගලික ආයතන වල මාධ්‍යවේදින්ට සාකච්ජාව සදහා අරාධනා කර තිබුණි. එම සාකච්ජාව සදහා හතලිහක පමන පිරිසක් සහභාගි වී සිටියහ.
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හැදීම පිළිබද සාකච්ජාව මුලින් ගැනිණ.
අමාත්‍යවරයා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක වැදගත්කම මුලින් අවධාරණ කළ අතර පසුගිය රජ මගින් ඊට ආරම්භයක් දි තිබු බවත් එම සාකච්ජා ඉදිරියට ගෙන යෑම තම ආණ්ඩුවේ අදහස බවත් මෙය UNDB මගින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවට දී ඇති ව්‍යාපෘතියක් බව පැවසිය.
මෙහිදී ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියට පක්ෂව මෙන්ම ඒ වැනි ප්‍රතිපත්තියක් අවශ්‍ය නැතැයි මාධ්‍යවේදියෝ අදහස් දැක්වුවෝය.පසුගිය ආණ්ඩුව සමයේ සහ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මාධ්‍යවේදින් සහ සංවිධාන වල අදහස් ගෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවෙන් සකසන ලද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මාධ්‍යවේදින්ගේ අයිතිවාසිකම්, මාධ්‍යවේදියා යනු කවරෙක්ද යන්න නිශ්චිතව සදහන් වි නැති බවත් දෙපාර්මේන්තුව විසින් සකසන ලද ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉංග්‍රීසි පිට පත පමනක් මාධ්‍ය සංවිධාන වලට යෑවිම ගැන ශ්‍රීලවෘජසයේ සභාපති දුමින්ද සම්පත් චෝදනා කළේය. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියට මාධ්‍ය හිමිනරුවෝ සහ මාධ්‍ය සේවකයන් එකගතාවය නැත්නම් ඒ වැනි ප්‍රතිපත්තියකින් වැඩක් නැති බවත් ඔහු පෙන්වාදුන්නේය.
ඇමතිතුමනි ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන සාකච්ජා දශක දෙකකට වැඩි සාකච්ජාවක් බවත් ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන වල සහයෝගය ඇතුව මාධ්‍ය සමාජය මගින් තෝලම්ගමුව ප්‍රකාශනය සහ කොළඹ ප්‍රකාශනය සැකසිණි. එහි වැදගත්කම සහ එම ප්‍රකාශන දෙකකම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සැකසිමේදි පාදක ලියවිලි වශයෙන් යොදා නොගැනිම, මාධ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලිගේ විචේචනය ලක් කෙරිණ. මෙතෙක් බලයට පත්වෙච්ච සෑම ආණ්ඩුවක්ම තමන්ගේ න්‍යාය පත්‍රයේ අංක එකට මාධ්‍ය ප්‍රඥප්තියක් සැකසිම ගෙන ආවත් එම මාධ්‍ය ප්‍රතිපත්තිය ජනතාවට අවශ්‍ය විධියට සකස් කිරිමට කිසිම ආණ්ඩුවකට හැකියාවක් ලැබුනේ නැති බවත් මාධය ප්‍රඥප්තිය සැකසිමේදි මුලික වශයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ මාධ්‍ය කර්මාන්තයේ වෘත්තිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබදව බවත් වෘත්තීයේ ආරක්ෂා සහ වෘත්තීයේ පැවැත්ම. ඒවගේම ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් සැලකිලිමත් විය යුතුය බව පෙන්වාදුන් ලංකාපේලි මේ රටේ රැකියා කරන බහුතරයකට අයිතිවාසිකම් ලැබෙන්නේ නැතැයි පැවසිය.
ආණ්ඩුව මැදිහත් වී ජනමාධ්‍යවේදින්ට ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන්න බලපෑ වෛෂික තත්වය ප්‍රශ්න කළ ලියුම්කරු ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉල්ලුවේ ජනමාධ්‍යවේදින් වන අප? මාධ්‍ය අයිතිකරුවන්? කර්තෘවරු ? නැතිනම් මාධ්‍ය සේකවකයන්ද? UNDB එකේ අවශතාවයට ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති හදන එක තේරුමක් නැහැ. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ පදනම විය යුත්තේ මාධ්‍ය නිදහසේ ආරක්ෂාව සදහා මිසක් රජයේ හෝ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ පැවත්ම හා ආරක්ෂාව වෙනුවෙන් නොවෙ යැයි අදහස් දක්වමින් ලියුම්කරු පැවසීය.
ගෝලියකරණය ඇතුලේ තවදුරටත් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක වැදගත් කමක් නැතැයි සප්මා සංවිධානයේ ලක්ෂ්මන් ගුණසේකර පැවසිය. විශේෂයෙන් අපි බලාපොරෝත්තු වෙනවා ආණ්ඩුව සකස් කරන්න යන නීති පද්ධතිය කුමක්ද? භාෂණය පිළිබද ආණ්ඩුවේ අදහස් කුමක්ද? කියලා . මාධ්‍ය අයිතිකරුවෝ ,ජනමාධයවේදීන් සහ මාධ්‍ය සේවකයෝ විවිධ මත දරණ තත්වයක් ඇතුලේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හදන එක ලේහෙසි නැතැයි ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
ජනමාධ්‍ය හැදුනුම්පත සහ ජන මාධ්‍ය අමාත්‍යංශයේ පුවත්පත් සහ වෙබ් අඩවි ලියාපදිංචි කළ පසු ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ලබා ගැනීමේ නීතියට එරෙහිව තරුණ ජන මාධ්‍ය සංගමය මානව හිමිකම් කොමිසමේ පැමිනිලි කළ බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කටයුතු අවසන් වි ඇති අතර ඇත්තේ නිර්දේශ ලබාදීම පමනක් බවත් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකසනවා නම් ඒ සදහා මහජනයගෙන් අදහස් අනිවාර්යෙන් ලබා ගත් යුතු බව තරුණ ජන මාධ්‍යවේදින්ගේ සංගමයේ සභාපති තරිදු ජයවර්ධන පෙන්වාදුන්නේය.
මෙම සාකච්ජාවේදි තරිදු උුගෙදර , සම්පත් සමරකොන් , ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ කුමාර ලෝපස් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු හනා ඉබ්‍රායිම්, කුරුළු කාරියකරවන සහ නඩාරාජා යන මාධ්‍යවේදින් මෙහිදී අදහස් දැකුවුහ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව මගින් සකසමින් සිටින ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියට බර පන්තියේ විවේචන එල්ල වෙද්දී ඇමතිවරයා එම ප්‍රකාශය ඉවත් කර ගත් අතර කොළඹ ප්‍රකාශය සහ තෝලම්ගමුව ප්‍රකාශ මත පදනම්ව නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකසන්නැයි මාධ්‍ය සංවිධාන වලට යෝජනා කළේය. මැයි 28 වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේදී එම සාකච්ජාව ආරම්භ වීමට නියමිතය.
තවදුරටත් පුවත්පත් සහ වෙබ් අඩවි ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් ලියාපදිංචි කටයුතු සිදු කළ ද නිශ්කාෂණ කටයුතු ආරක්ෂක අමාත්‍යංශයට පැවරීමට එරෙහිව දැඩි විරෝධයක් එලල විණ. ඉදිරියේදී නිෂ්කාශන කටයුතු ආරක්ෂක අමාත්‍යංශ්‍යට නොපැවරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම සාකච්ජාවේදී පොරොන්දු විය. කිසිදු අවංක ලේඛකයෙකුට පිටිතින් පටවන නීතිවලට යටත්ව අව්‍යාජ ලේඛනයක් සම්පාදනය කළ නොහැකිය. පවතින පාර්ලිමේනුතු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ගත්තත් රටේ සෙසු ජනයාට නැති සීමාවක් මාධ්‍යවේදියාට තිබෙන්නේ කෙසේද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශනයේ, භාෂණයේ, තොරතුරු දැන ගැනීමේ නිදහස තහවුරු කර ඇත. ඒමෙන්ම කිසිවකුගේ පෞද්ගලික ආරක්ෂාවට උල්ලංඝණය කිරීම වැනි දේවලට අදාල නීති පැනවීම් ඒහි ඇත. මාධ්‍ය සදාචාරය යනු මාධ්‍යකරුවන්ගේ කාර්යයකි. ව්‍යවස්ථාවේ සදහන් දෙයට වෙනස් මාධ්‍ය ප්‍රතිපත්තියක් යනු කුමන ආකායෙන් හෝ මාධ්‍ය නිදහස සීමා කිරීමේ ප්‍රයත්නයකි. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනා මෙම ක්‍රියාවට ඉඩ නොදිය යුතුය.