විහිළු කතා – ධම්මික පෙරේරා අමාත්‍යංශයට පුද්ගලික ධනය වියදම් කරනවලු

තමන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය භාරගත්තේ එහි කටයුතු කඩිනමින් ඉටුකිරීම සඳහා තම පුද්ගලික ධනයෙන් මසකට රුපියල් මිලියන 50 බැගින් වියදම් කිරීමට මුදල් වෙන්කරගෙන බව අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

“එකක් තියෙනවා, ඔය ටෙන්ඩර් කෝල් කරලා වැඩ කරන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා. මම ඒක හින්දා මේ ඇමති ධුරයේ වැඩ භාරගත්තේ මගේ පුද්ගලික සල්ලිත් මාසෙට මිලියන 50 ගාණේ දානවා කියලා හිතාගෙන. ඉතින් ඒක හින්දා ඒ වගේ සල්ලියකින් මට ඒ ඕනෙ දෙයක් කරන්න පුළුවන්. මං ඒ වගේ බජට් එකක් මං වෙනුවෙන් වෙන් කරගෙන තමයි මේ පුටුවේ ඉඳගත්තෙ. නැතුව ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තුවෙන් නෙවෙයි. මාසෙකට මිලියන 50ක් මම මිනිස්සු වෙනුවෙන් මගේ පුද්ගලික ධනය දානවා. ගන්න ඕනෙ ඒවා මේ ටෙන්ඩර් කෝල් කර කර මාස තුනක් ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනෙ ධම්මික පෙරේරා කියන්නෙ ? මට දැන් ඕනෙ නම් හවස් වෙනකොට ගන්න ඕනෙ. එතකොට හවස් වෙනකොට ආණ්ඩුවෙ සල්ලිවලින් ගන්න බෑනෙ ? එතකොට පුද්ගලික සල්ලිවලින් තමයි ගන්න ඕනෙ. ඉතින් මම ඒ ඔක්කොම ලෑස්ති කරගෙන තමයි මේ පුටුවේ ඉඳගත්තේ”

අමාත්‍ය ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමිනි.

තමන්ගේ පුද්ගලික ධනය ජනතාව වෙනුවෙන් මිලියන ගණනින් වියදම් කරන බව පවසන්නේ මිලියන ගණනනින් බදු ගෙවීම පැහැර හැරී ධම්මික පෙරේරායි. ලාභ ලැබීමේ අරමුණෙන් නීති විරෝධී ලෙස රසායනික අපද්‍රවය ඇතුළු කුණු ගෙන්වූ ධම්මික පෙරේරායි. තමන්ගේ කර්මාන්තශාලාවක් නිසා රතුපස්වල ජනතාවගේ වතුර විස වෙද්දී එයට විරුද්ධ වූ ජනතාවට වෙඩි තැබීමට සැලැස්වූ ධම්මික පෙරේරායි.

මේ සියල්ලට යටින් ධම්මික පෙරේරා කියන කතාවේ විශාල බැරෑරුම්කමක් පවතියි. මන්ද රටක යම්කිසි ව්‍යාපෘතියක් ටෙන්ඩර් පටිපාටියකට සිදුකරන්නේ රජයේ පාර්ශවයට වැඩිම ලාභය සහ වාසිය ලැබිය හැකි පරිදි හොඳම ලංසුව ඉදිරිපත් කරන පුද්ගලයා තෝරා ගැනීමටයි. ධම්මික පෙරේරා කියන ආකාරයට කටයුතු කිරීමට අමාත්‍යංශ යනු සිල්ලර කඩ නොවේ. අනිත් අතින් ධම්මික පෙරේරා තමනේ මුදල් වියදම් කරන බව පවසමින් මේ කරන්නට යන නාඩගම කුමක්ද යන සැකය ඇතිවේ. රට ගොඩ ගැනීමට යයි පවසමින් පැමිණෙන මෙවැනි පුද්ගලයන්ගේ කතාවලට සිනහ වෙමින් ඒ කතා පිටුපස ඇති සැබෑ කතාව සෙවිය යුත්තේ ඒ නිසාවෙනි.

Share post:

Popular

වෙනත් පුවත්

පොලීසියෙ ‘කට ඇරීම’ ගැන post එකට විරුද්ධව මානව හිමිකම් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති,...

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...