විහිළු කතා – ධම්මික පෙරේරා අමාත්‍යංශයට පුද්ගලික ධනය වියදම් කරනවලු

Date:

තමන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය භාරගත්තේ එහි කටයුතු කඩිනමින් ඉටුකිරීම සඳහා තම පුද්ගලික ධනයෙන් මසකට රුපියල් මිලියන 50 බැගින් වියදම් කිරීමට මුදල් වෙන්කරගෙන බව අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

“එකක් තියෙනවා, ඔය ටෙන්ඩර් කෝල් කරලා වැඩ කරන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා. මම ඒක හින්දා මේ ඇමති ධුරයේ වැඩ භාරගත්තේ මගේ පුද්ගලික සල්ලිත් මාසෙට මිලියන 50 ගාණේ දානවා කියලා හිතාගෙන. ඉතින් ඒක හින්දා ඒ වගේ සල්ලියකින් මට ඒ ඕනෙ දෙයක් කරන්න පුළුවන්. මං ඒ වගේ බජට් එකක් මං වෙනුවෙන් වෙන් කරගෙන තමයි මේ පුටුවේ ඉඳගත්තෙ. නැතුව ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තුවෙන් නෙවෙයි. මාසෙකට මිලියන 50ක් මම මිනිස්සු වෙනුවෙන් මගේ පුද්ගලික ධනය දානවා. ගන්න ඕනෙ ඒවා මේ ටෙන්ඩර් කෝල් කර කර මාස තුනක් ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනෙ ධම්මික පෙරේරා කියන්නෙ ? මට දැන් ඕනෙ නම් හවස් වෙනකොට ගන්න ඕනෙ. එතකොට හවස් වෙනකොට ආණ්ඩුවෙ සල්ලිවලින් ගන්න බෑනෙ ? එතකොට පුද්ගලික සල්ලිවලින් තමයි ගන්න ඕනෙ. ඉතින් මම ඒ ඔක්කොම ලෑස්ති කරගෙන තමයි මේ පුටුවේ ඉඳගත්තේ”

අමාත්‍ය ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමිනි.

තමන්ගේ පුද්ගලික ධනය ජනතාව වෙනුවෙන් මිලියන ගණනින් වියදම් කරන බව පවසන්නේ මිලියන ගණනනින් බදු ගෙවීම පැහැර හැරී ධම්මික පෙරේරායි. ලාභ ලැබීමේ අරමුණෙන් නීති විරෝධී ලෙස රසායනික අපද්‍රවය ඇතුළු කුණු ගෙන්වූ ධම්මික පෙරේරායි. තමන්ගේ කර්මාන්තශාලාවක් නිසා රතුපස්වල ජනතාවගේ වතුර විස වෙද්දී එයට විරුද්ධ වූ ජනතාවට වෙඩි තැබීමට සැලැස්වූ ධම්මික පෙරේරායි.

මේ සියල්ලට යටින් ධම්මික පෙරේරා කියන කතාවේ විශාල බැරෑරුම්කමක් පවතියි. මන්ද රටක යම්කිසි ව්‍යාපෘතියක් ටෙන්ඩර් පටිපාටියකට සිදුකරන්නේ රජයේ පාර්ශවයට වැඩිම ලාභය සහ වාසිය ලැබිය හැකි පරිදි හොඳම ලංසුව ඉදිරිපත් කරන පුද්ගලයා තෝරා ගැනීමටයි. ධම්මික පෙරේරා කියන ආකාරයට කටයුතු කිරීමට අමාත්‍යංශ යනු සිල්ලර කඩ නොවේ. අනිත් අතින් ධම්මික පෙරේරා තමනේ මුදල් වියදම් කරන බව පවසමින් මේ කරන්නට යන නාඩගම කුමක්ද යන සැකය ඇතිවේ. රට ගොඩ ගැනීමට යයි පවසමින් පැමිණෙන මෙවැනි පුද්ගලයන්ගේ කතාවලට සිනහ වෙමින් ඒ කතා පිටුපස ඇති සැබෑ කතාව සෙවිය යුත්තේ ඒ නිසාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...