Breaking News

මේ අපතයෝ රෑන මෙතන මොනවද කරන්නේ

මේ අපතයෝ රෑන මෙතන මොනව කරනවද කියන්න දන්නේ නැහැ… මොනවා කළත් ඒක අදාළ නැහැ…..

මෙතන ඉන්න රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන අවජාතකයා ජනමතයක් නැති එහෙත් අද ඔබව පාලනය කරන උඹ විඳවන සකලවිධ ව්‍යසනයන්ට වගකිව යුතු දේශපාලන හිවලෙකි. ජනතාව බිත්තියට හේත්තු කරපු රාජපක්ෂලාව බිත්තිය බිඳ හොර රහසේ ආරක්ෂා සහිතව අරගත්තේ මේ ද්‍රෝහීයාය. වරුවක් දෙකක් අව්වේ ඉන්න බැරි නිසා මොවුන් ඔබ ගේ බදු මුදල් වියදම් කරමින් මේ ජෝගි නටන්නෙ වායු සමීකරණ වටේට දමා ගෙනයි. පීඩාවට පත් මිනිසුන් ලෙස ඔබ විසින් මෙවන් නරුම රෑනක් පලවා හැරිය යුතු වුවද එය නො කරමින් ඔබ ඔවුන්ට අවනත ව සිටීම කණගාටුවට කරුණකි. වහල්ලු පීඩාවට පත්ව එය දරා ගන්නට හුරු වෙන අතර වහල් හිමියෝ සැප විඳිති.

❌ඔබගේ බදු මුදල් මොවුන් හොරකම් කරගත්තා……. ඔබ ටික දවසක් හොරා හොරා කියා එය අමතක කර දැමුවා.

❌අත්‍යවශ්‍ය සියලුම දෑ හිඟ වෙන තරමට ඒ හොරකම දුරදිග ගියා. ඔබ නහයෙන් අඬ අඬ පෝලිමේ ඉන්න හුරු වුණා.

❌ඉදිරියේදී සාගතයක් එන බව උනුන් පැවසූ විට ඔබ සාගතයට වගකිවයුත්තන්ට දඬුවම් නොකර මඤ්ඤොක්කා දඬු හිටවා ආහාර අර්බූදයෙන් මිදෙන්න අලි කුල්ලෙන් වහන වර්ගයේ පිලියම් සොයන්න වුනා.

❌බේත්හේත් ගේන්න ඩොලර් නැති නිසා මිනිසුන් රෝහල්වල මිය යනවා….. ඒ පිළිබඳව ඔබට තවමත් අවබෝධයක් නැහැ.

❌උන් ඔබගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන තියෙන මොහොතක ඒ පිළිබඳව ඔබ හැඟීමක් නොමැති ව සිටින්නේ කොහොමද?

මේ සියලු පීඩනයන්ට එරෙහිව සුළු පිරිසක් අරගල කරනවිට බහුතරයක් වන ඔබ ඊට හුරු වී පීඩාවට යටත්වී සිටින්නේ කෙසේද?

රනිල් වික්‍රමසිංහ ගෝඨාභය මහින්ද රාජපක්ෂ වැනි මහල්ලන් ඔබව මෙලෙස පාලනය කරන්නේ ඔවුන්ගේ ඇති සුවිශේෂී දක්ෂතාවයක් නිසා නොව බහුතරය වන ඔබ සතුව ඇති යටත්වීමේ දීන ගතිය නිසාවෙනි.

ඔබ දීනයන් ලෙස පීඩනයට යටත්වන නිවටයන් වී සිටින තාක්කල් ඔවුන් ඔබට පෙනෙන්නට ජෝගි නටනු ඇත.

leave a reply