රංග දිසානායකට එරෙහි පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, රංග දිසානායක හෝමාගම මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ සමයේදී නියමිත චක්‍රලේඛවලට පටහැනිව සිය පුත්‍රයා කොළඹ රාජකීය විදුහලට ඇතුළත් කරගෙන ඇති බවට චෝදනා කරමිනි.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර නිශ්ශංක නමැති අයකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර රංග දිසානායක හෝමාගම ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී පුත්තලමට ස්ථාන මාරුවක් ලැබුණු අවස්ථාවේදී එවකට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාර්ගයෙන් මෙසේ සිය පුත්‍රයා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බවත් එම කාර්යය ඔහුට සිදුකර දී ඇත්තේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් බවට සඳහන් වන යූටියුබ් වීඩියෝ සහ ෆේස්බුක් සටහන් කිහිපයක් උපුටා දක්වමින් මෙම පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සහ රංග දිසානායක හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සමග සමීප සබඳතා පැවැත්වීම ගැන විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

මෙම පැමිණිල්ල භාරගන්නා බවත් අල්ලස් කොමිසම විසින් පැමිණිලිකරුට දැනුම් දී ඇති අතර කෙසේවෙතත් පැමිණිල්ල භාරගැනීම මගින් පමණක් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සහතික නොකරන බවත් පැමිණිල්ල සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කොමිෂන් සභාව විසින් ලබාදුන් පසුව පැමිණිලිකරුට දැනුම් දෙන බවත් අල්ලස් කොමිසම විසින් දැනුම් දී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...