රජයට සම්බන්ධ පුවත් සේවා සම සෞඛ්‍ය සිසුන්ගේ ඉල්ලීම් ගැන බොරු කියලා

ඊයේ සම සෞඛ්‍ය සිසුන් විසින් පැවැත්වූ උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය අතරතුර සිසුන් 27ක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයට සම්බන්ධ මාධ්‍ය ආයතනයක් වැරදි තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් තිබේ. A5 නම් මෙම පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ සමසෞඛ්‍ය සිසුන් සත්‍යග්‍රහ කර තිබෙන්නේ “විභාග නොපවත්වා සෞඛ්‍ය සේවයට බඳවගන්න” ලෙස ඉල්ලමින් බවයි.

ඒ අදහස තවත් විස්තර කරමින් පුවත් විසතරයේදී “වසර හතරක් සෞඛ්‍ය සේවයට බඳවාගැනීම් කර නොතිබූ බවත් , ආණ්ඩුව සූදානම් වන්නේ එම බඳවා ගැනීම් කිරීමට බවත්, එලෙස බඳවාගැනීම සඳහා තරඟ විභාගයක් සූදානම් කර ඇති බවත් , එම විභාගය සඳහා පෙනී නොසිට සියලු සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්වූ බව පවසා තිබේ.

සම සෞඛ්‍ය ශිෂ්‍ය සංගම් ඇතුළු ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ මෙය වැරදි පුවත් වාර්තාකරණයක් බවයි. සම සෞඛ්‍ය ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම් වී තිබෙන්නේ උපාධිය අවසන් කළ වසර සමඟ උපාධිදාරීන්ගෙ කුසලතා අනුපිළිවෙලක් දැනටමත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යංශෙට ලබාදී ඇති බැවින් ඒ අනුව බඳවා ගැනීම් සිදුකරන ලෙසයි. එසේම දැනට පවතින පුරප්පාඩු ගණනය කරමින් ඒ අනුව බඳවා ගැනීම් සිදුකරන ලෙසඩ් ඔවුන් ඉල්ලා සිටියි.

ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමතිවරු මෙම අත්අඩංගුවට ගැනීම ගැන අදහස් දක්වමින් පවසා තිබුනේ රාජපක්ෂ හිතවාදී සහ රනිල් හිතවාදී පොලීසිය විසින් සිසුන්ට පහරදී මෙම බඳවා ගැනීම සිදුකර ඇති බවයි. නමුත් ඔවුන්ට අයත් පුවත් සේවා මෙමෙ පුවත වාර්තා කර තිබෙන ආකාරයෙන් හැගෙන්නේ මෙම අත්අඩංගුවට ගැනීම් ගැන ආණ්ඩුව දැනුවත් බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...