අනුරාධපුරයෙන් අත්අඩංගුවට ගත්ත තවමත් වැරදිකාරයා නොවුනු සැකකාරයාව එල්ලලා මරන්න හෝ ආයුධ පෙන්නන්න ගෙනියන්න කියන අයට මතක් කිරීමට කරනා කිහිපයක්ම තිබේ.
පොලීසිය සහ මාධ්‍ය නඩු අසා, පොලීසියම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදෙන පිරිස් අමතක කරන කතාවක් තිබේ. ඒ සේයා සදෙව්මිනිගේ ඝාතන සිද්ධියයි.
සේයා ඝාතන නඩුවේදී පොලීසිය පළමුවෙන් සැකකරු ලෙස මාධ්‍ය වෙත ඉදිරිපත් කලේ පාසල් දරුවෙකි. ඔහුගේ පරිගණකය, ඔහු බැලූ නිරුවත් දර්ශන මාධ්‍ය ඉදිරියේ රසකර පෙන්වනු අපට පෙනුනි. සමස්ත සමාජයක් ඉදිරියේ ඔහු දරුණු අපරාධකරුවෙක් බවට පත්විය.
ඒ අනුව පලමුවෙන් ආයුධ පෙන්වීමට රැගෙන යායුතුව තිබුනේ ඔහුය. දෙවනුව කොණ්ඩයා නම් පුද්ගලයෙක් කරළියට පැමිණ තිබුණි.
කොණ්ඩයා නම් මෙම පුද්ගලයා සොහොන් වලවල්වල නිදාගන්නා ආකාරය, ඔහු අමුමස් ආහාරයට ගන්නා ආකාරය පිලිබඳ උගත් මාධ්‍යවේදීන් ඇඟකිළිපොලා යන වාර්තා ලියන ලදී.
එපමණක් නොව කොණ්ඩයා විසින් සේයා දැරිය ඝාතනය කල ආකාරය පිළිබඳ ඔහු විසින්ම කලායැයි කියූ ඔහුගේ පාපොච්චාරණයද ඉදිරිපත් කරන ලදී.
DNA වාර්තාව නොවන්නට අදටත් ඔහු අපරාධකරුවෙකි. ඒ මොහොතේ කොණ්ඩයාව ආයුධ පෙන්වීමට රැගෙන ගියේ නම් මුළු ලංකාවම සතුටු වන්නටත් ආයුධ පෙන්වීමට රැගෙන ගිය අය ගැන ප්‍රශස්ති ලියන්නටත් ඉඩ තිබුනි. නමුත් අවසානයේ සැබෑ අපරාධකරු වූයේ ඒ කිසිවෙකු නොවේ.
මේ එක් උදාහරණයක් පමණි.
පොලීසියක් අධිකරණයට ලබාදෙන B වාර්තාවක් මත පදනම්ව මාධ්‍ය මගින් මිනිසෙකුගේ ජීවිතය විනාශ කර නොදැමිය යුතුය. අනිත් අතින් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට සහ නීතිය රැකීමට යයි කියමින් සිටින ආයතනවල දූෂිත බව හමුවේ වැරදිකරුවන්ට පමණක් දඬුවම් ලැබේවි යයි කිසි ලෙසකින් සිතිය නොහැක. එසේම උදාහරණවලින් දැක්වුවහොත් මත්ද්‍රවය සම්බන්ධ සිදුවීම් සහ පාතාලය සම්බන්ධ සිදුවීම්වලදී ඒවා සිදුවන්නේ දේශපාලන අධිකාරියේ සහයෝගය සහිතව බව සියල්ලන් දන්නා රහසකි. නමුත් හැමදාමත් ආයුධ පෙන්වීමට ගොස් මැරුම් කන්නේ අතරමැදියන් පමණි. දේශපාලන අධිකාරිය සම්බන්ධ තොරතුරැ පවා එළියට එන්නේ නැත.
එසේම එල්ලුම් ගස ක්‍රියාත්මක කර අපරාධ අඩුකළ හැකි බවට වන අදහස අමුම අමු මිථ්‍යාවකි. පහත පළකර ඇති පළවෙනි Chart එකේ සඳහන් වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම ක්‍රියාත්මකවන ප්‍රාන්ත සහ ක්‍රියාත්මක නොවන ප්‍රාන්තවල මිනීමැරුම් වාර්තා වී ඇති සංඛ්‍යාවල සංසන්දනයක්. එහිදී මරණ දඬුවම ක්‍රියාත්මකවීම සහ Murder Rate අතරේ කිසිදු සම්බන්ධයක් නැති බව ඒ අනුව පැහැදිලිය. එසේම දෙවැනි වගුවට අනුව දකින් පුළුවන් දෙය වන්නේ මරණ දඬුවම සහිත ප්‍රාන්තවලට වඩා මරණ දඬුවම නැති ප්‍රාන්තවල මිනීමැරුම් ප්‍රමාණය අඩු බවයි.