රජ ලුණුවලට මොකද වුණේ?

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්තාව ලබා දී ඇත.

දැනට වෙළඳපොලේ ලුණු හිඟයක් පවතින බව ජනතාව මැසිවිලි නගමින් සිටියි. එය අවම කිරීම සඳහා ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇති බව පැහැදිලිය.

එහෙත් ආණ්ඩුව මාසයකට පමණ පෙර රටටම ලුණු ලබාදීමට යයි පවසමින් ආරම්භ කළ ලුණු සමාගම සම්බන්ධයෙන් කිසිදු සද්දයක් නැත.

ජාතික ලුණු සමාගමේ අලිමංකඩ ලුණු ලේවායෙන් නිකුත් කරන ලුණු නිෂ්පාදන ‘රජ ලුණු’ යන වෙළෙඳ නාමය යටතේ නිකුත් කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී ඇරඹිණි.

මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමත් සමඟ රජය ලුණු නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය සඳහා සැළකිව යුතු පියවරක් තැබූ බව ආණ්ඩුව නිවේදනය කර තිබුණි.

දේශීය භාවිතය සහ අපනයන යන දෙකටම ලුණු නිෂ්පාදනය ඉහළ නැංවීම රජය අරමුණු කර ගෙන තිබුණි.

මෙමගින් උතුරු පළාතට සහ ඉන් ඔබ්බට අත්‍යවශ්‍ය ආර්ථික ශක්තියක් ලබා දෙමින් සෘජු හා වක්‍ර රැකියා 450ක් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත්

2024 දී නිෂ්පාදනය කරන ලද ලුණු ටොන් 13,800ක් සමඟ, නිෂ්පාදන ප්‍රමාණය 2025 දී ටොන් 20,000 දක්වා වැඩි කිරීමට නියමිත බවත් ඒ මොහොතේ ආණ්ඩුව පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...