රජ ලුණුවලට මොකද වුණේ?

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසර ලබා දී තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්තාව ලබා දී ඇත.

දැනට වෙළඳපොලේ ලුණු හිඟයක් පවතින බව ජනතාව මැසිවිලි නගමින් සිටියි. එය අවම කිරීම සඳහා ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇති බව පැහැදිලිය.

එහෙත් ආණ්ඩුව මාසයකට පමණ පෙර රටටම ලුණු ලබාදීමට යයි පවසමින් ආරම්භ කළ ලුණු සමාගම සම්බන්ධයෙන් කිසිදු සද්දයක් නැත.

ජාතික ලුණු සමාගමේ අලිමංකඩ ලුණු ලේවායෙන් නිකුත් කරන ලුණු නිෂ්පාදන ‘රජ ලුණු’ යන වෙළෙඳ නාමය යටතේ නිකුත් කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී ඇරඹිණි.

මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමත් සමඟ රජය ලුණු නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය සඳහා සැළකිව යුතු පියවරක් තැබූ බව ආණ්ඩුව නිවේදනය කර තිබුණි.

දේශීය භාවිතය සහ අපනයන යන දෙකටම ලුණු නිෂ්පාදනය ඉහළ නැංවීම රජය අරමුණු කර ගෙන තිබුණි.

මෙමගින් උතුරු පළාතට සහ ඉන් ඔබ්බට අත්‍යවශ්‍ය ආර්ථික ශක්තියක් ලබා දෙමින් සෘජු හා වක්‍ර රැකියා 450ක් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත්

2024 දී නිෂ්පාදනය කරන ලද ලුණු ටොන් 13,800ක් සමඟ, නිෂ්පාදන ප්‍රමාණය 2025 දී ටොන් 20,000 දක්වා වැඩි කිරීමට නියමිත බවත් ඒ මොහොතේ ආණ්ඩුව පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...