Breaking News

ඩොක් යාර්ඩ් ආයතනය ඉන්දියානු යුධ නැව් නිෂ්පාදිත සමාගමකට දීලා

ශ්‍රී ලංකාවේ වරාය අදිකාරිය සම්බන්ධ ඩොක් යාර්ඩ් ආයතනය (Colombo Dockyard PLC) ඉන්දියානු සමාගමකට පැවරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික සේවක සංගමයේ සභාපති තුෂාරි ප්‍රියංගා පවසයි. මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය සඳහන් කරන්නේ ඩොක් යාර්ඩ් ආයතනය යුධ නැව් හදන සමාගමකට පවරා ඇති බවයි.

පසුගිය කාලයේ සෑම ආයෝජනයක්ම ලංකාව තුළට පැමිණෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වෘත්තීය සමිති නිතරම ඊට එරෙහිව එළියට බැස්ස නමුත් දැන් ඔවුන් ආගිය අතක් නැති බව ඇය පවසයි. හොඳ ආයෝජන රටට ගෙනෙද්දී විරුද්ධ වන JVP ප්‍රමුඛ වෘත්තීය සමිති මෙලෙස ඉන්දියාවේ යුධ නැව්, සබ්මැරීන් නිෂ්පාදනය කරන සමාගමකට ඩොක් යාඩ් එක දෙද්දී කිසිවක් නොකරන බව ඇය ප්‍රකාශ කළා.

ඊයේ දිනයේම මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ඩොක් යාර්ඩ් ආයතනයේ කොටස් සියයට 51ක අයිතිය මැසගන් ශිෆ් ඩොක් බිල්ඩර්ස් නම් සඳහා වන ගිවිසුමක් ඊයේ දිනයේ අත්සන් තබා ඇති බවයි. 1974 පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ආරම්භ වූ මෙම ඩොක් යාර්ඩ් ආයතනය 1990 පමණ ජපන් ආයතනයකට විකිණීමේදී එම සමගම වෙනත් ආයතනයකට මෙය විකුනන්නේ නම් රජයේ අවසර ඇතිව සිදුකළ යුතු බවට වන එකඟතාවයක් තිබූ බවද පුබුදු පවසයි.

එසේම ඉතා වටිනා සම්පත් සහිත මෙමෙ සමාගම ඩොලර් මිලියන 50ක වැනි අඩු මුදලකට ලබාදී ඇති බවද ඔහු පවසයි.

එසේම මැසගන් ශිෆ් ඩොක් බිල්ඩර්ස් සමාගම ඉන්දියානු රාජ්‍ය සමාගමක් බවත් එය යුධ ප්‍රහාරක නෞකා සහ යුධ ප්‍රහාරක සබ්මැරීන නිෂ්පාදනය සමාගමක් බවත් මේ හරහා පැහැදිලි භූ දේශපාලන අර්බුදයක් ඇතිකිරීමේ අවධානමක් ඇති බවද පුබුදු ජයගොඩ පැවසීය.

leave a reply