හිටපු ජනාධිපතිවරු නඩත්තුවට වෙන් කළ මුදල් 45% වැඩි කරලා

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසගේ නඩත්තුව සහ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් රුපියල් ලක්ෂ 1100 ක් ලබන වසරේදී වෙන් කිරීමට 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබන වර්ෂයේදී වැය කිරීමට අපේක්ෂා කරන මුදල 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 45 ක පමණ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි.

මේ අනුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 292 බැගින්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 157ක්ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් ලක්ෂ 68ක්ද ලබන වසරේදී වෙන් කෙරෙන බව මහාචාර්යවරයා කීවේය.

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනාට සහ ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාසට 2022 වර්ෂයේ අයවැයෙන් පොදුවේ වෙන්කර ඇත්තේ රුපියල් ලක්ෂ 757 ක මුදලකි.

මේ වර්ෂයේදී එම මුදල ලක්ෂ 844 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පවසන වසන්ත අතුකෝරළ හිටපු ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදල ලබන වර්ෂයේදී ලක්ෂ 1100 ක් දක්වා ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර ඇතැයිද ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ගුරුවරුන්ගේ වැටුප ලබන වසරේදී වැඩි වන්නේ සියයට 14 කින් පමණක් බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...