Breaking News

ඇමැති චතුරංග නියෝජනය කළ යුත්තේ පොල් අපනයනකරුවෝ පමණද?

රටේ ජනතාව ගෘහස්ථ වශයෙන් පොල් පරිභෝජනය කිරීමේදී පොල්කිරි සහ සම්බෝල වශයෙන් පාවිච්චි කිරීම නිසා පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.

මේ වසරේ පළමු මාස හතර සඳහා පොල්ගෙඩි මිලයන 200ක් පිටරටින් ආනයනය කිරීමට පොල් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය රජයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
“ඉල්ලීමක් කරලා තියෙන්නෙ අපනයනකරුවන් සඳහා විශේෂයෙන්ම මේ පොල් මද සහ කිරි ගෙන්වීමට ඉඩ ලබාදෙන ලෙසත් පොල්තෙල් කර්මාන්තය සඳහා වේලන ලද මද ගෙනත් දෙන ලෙසත් ඉල්ලීමක් කරලා තියෙන්නෙ. ඉතින් සාධනීය තැනක නව රජයත් එකඟතාවයක ඉන්නවා මේ මොහොතේ කළ යුතු දේ මෙය බවට. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකා සකස් කරමින් සිටිනවා. ඉදිරියේදී කැබිනට් තීරණයක් ලබාගැනීම සඳහා. අපි ඇත්තටම ගෙදර පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි ඉන්නෙ. මොකද අපි පොල්කිරි විදියට පාවිච්චි කරනවා, සම්බෝල විදියට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යනවා. ඒ වගේම පොල් වතුර සහ පොල් කට්ට කියන දෙකත් ඩොලර්, ඒ දෙකත් අපතේ යනවා. පොල්කිරි වෙනුවට අපට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුඛත්වයක් දීලා අපට විකල්පයක් ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපට අපනයනය කිරීම සඳහා රටට ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල වෙමින් පවතියි. ඇමැතිවරයා මේ කරුණු ගැන පවසන්නේ පොල් අපනයන කරුවන් නියෝජනය කරමිනුයි. රටේ පොල් පරිභෝජනය කරන සාමානය ජනතාවගේ පාර්ශවයේ සිට නොවේ. පොල් පරිභෝජනය සමඟ බැඳුණු සංස්කෘතියක් රටේ ජනතාවට පවතියි. එම සංස්කෘතිය අනුව පොල් භාවිතයේදී අපතේ යමක් සිදුවිය හැක. නමුත් රටක ආහාර සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේ දිගු කාලයක් තිස්සේ යි. එය එක දිනකින් වෙනස් කිරීම අපහසු කටයුත්තකි. රටේ පොල් පිටරට පටවා ඩොලර් ගැනීම මෙන්ම රටේ ජනතාවට හිඟ යකින් තොරව පොල් ලබාදීම ත අවශ්‍ය පහසුකම් සැලසීම ආණ්ඩුවේ වගකීමකි. එහිදී රටේ ජනතාවට වරද පැටවීමේ තේරුමක් නැත.

රටේ ජනතාව ගෘහස්ථ වශයෙන් පොල් පරිභෝජනය කිරීමේදී පොල්කිරි සහ සම්බෝල වශයෙන් පාවිච්චි කිරීම නිසා පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.

මේ වසරේ පළමු මාස හතර සඳහා පොල්ගෙඩි මිලයන 200ක් පිටරටින් ආනයනය කිරීමට පොල් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය රජයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
“ඉල්ලීමක් කරලා තියෙන්නෙ අපනයනකරුවන් සඳහා විශේෂයෙන්ම මේ පොල් මද සහ කිරි ගෙන්වීමට ඉඩ ලබාදෙන ලෙසත් පොල්තෙල් කර්මාන්තය සඳහා වේලන ලද මද ගෙනත් දෙන ලෙසත් ඉල්ලීමක් කරලා තියෙන්නෙ. ඉතින් සාධනීය තැනක නව රජයත් එකඟතාවයක ඉන්නවා මේ මොහොතේ කළ යුතු දේ මෙය බවට. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකා සකස් කරමින් සිටිනවා. ඉදිරියේදී කැබිනට් තීරණයක් ලබාගැනීම සඳහා. අපි ඇත්තටම ගෙදර පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි ඉන්නෙ. මොකද අපි පොල්කිරි විදියට පාවිච්චි කරනවා, සම්බෝල විදියට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යනවා. ඒ වගේම පොල් වතුර සහ පොල් කට්ට කියන දෙකත් ඩොලර්, ඒ දෙකත් අපතේ යනවා. පොල්කිරි වෙනුවට අපට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුඛත්වයක් දීලා අපට විකල්පයක් ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපට අපනයනය කිරීම සඳහා රටට ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල වෙමින් පවතියි. ඇමැතිවරයා මේ කරුණු ගැන පවසන්නේ පොල් අපනයන කරුවන් නියෝජනය කරමිනුයි. රටේ පොල් පරිභෝජනය කරන සාමානය ජනතාවගේ පාර්ශවයේ සිට නොවේ. පොල් පරිභෝජනය සමඟ බැඳුණු සංස්කෘතියක් රටේ ජනතාවට පවතියි. එම සංස්කෘතිය අනුව පොල් භාවිතයේදී අපතේ යමක් සිදුවිය හැක. නමුත් රටක ආහාර සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේ දිගු කාලයක් තිස්සේ යි. එය එක දිනකින් වෙනස් කිරීම අපහසු කටයුත්තකි. රටේ පොල් පිටරට පටවා ඩොලර් ගැනීම මෙන්ම රටේ ජනතාවට හිඟ යකින් තොරව පොල් ලබාදීම ත අවශ්‍ය පහසුකම් සැලසීම ආණ්ඩුවේ වගකීමකි. එහිදී රටේ ජනතාවට වරද පැටවීමේ තේරුමක් නැත. ආණ්ඩුව මීට පෙර පොල් හිඟ වීම සම්බන්ධ වරද පැටවු වේ වන සතුන්ට යි. දැන් එය රටේ ජනතාව දෙසට මාරු වි තිබේ.

leave a reply