චීනයෙන් ඩොලර් බිලියන 3.7ක බලශක්ති ආයෝජනයක් 

අනුර කුමාර දිසානායක ගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර ද ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිට ඇත.

හම්බන්තොට වරාය චීනය සතුව පවතින හෙයින් ඒ ආශ්‍රිතව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම් ගැන චීනයට ඇති අදහස ගැන කාලයක් පුරා කතා බහට ලක්විය. එහිදී අරමුණු කිහිපයක් ඇති බව සාකච්ඡාවට ලක්විය. ඉන් එක් අරමුණක් වූ වේ හම්බන්තොට වරායට පැමිණෙන නැව් සඳහා තෙල් සැපයීම බව පැවසු නි. තවත් අදහසක් ලෙස කතා බහට ලක්වු වේ ලංකා මුහුදු සීමාව හරහා යන සියලු නැව් හම්බන්තොට වරාය වෙත ආකර්ෂණය කර ගැනීමයි. අපේ රටේ තෙල් පිරීපහදුවක් තිබේ. එය ශක්තිමත් කිරීම වෙනුවට චීන තෙල් පිරිපහදුවකින් රටට වෙන ප්‍රතිලාභය කුමක්ද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතුය. එසේම සිනොපෙක් යනු ලංකාවේ තෙල් බෙදාහැරීම සඳහා මැදිහත්වන සමාගමකි. ඒවනි සමාගමක් මේ නව තෙල් පිරිපහදුව හරහා තම මෙහෙයුම් කටයුතු වැඩිකර ලංකාවේ තෙල් සම්බන්ධ ආධිපත්‍ය වැඩි කරගැනීමේ වැඩි ඉඩක් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...