නාගරාජා ඇලෙක්ස් පොලීසියේදී වධ හිංසාවට ලක්කර ඝාතනය කර ඇති බව උසාවිය නැවත තහවුරු කරයි

Date:

ඉකුත් නොවැම්බරයේ පොලිස් අත්අඩංගුවේදී සිදුවු දෙමළ තරුණයකුගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බව යළිත් වරක් තහවුරු කළ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සදහා චෝදනා පත්‍ර මහාධිකරණය වෙත යොමු කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා ඉදිරියේ ජනවාරි 02 වැනි අගහරුවාදා නඩුව කැදවු අවස්ථාවේ නාගරාසා ඇලෙක්ස් තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර වධ හිංසාවට ලක් කිරීම නිසා ඇතිවු තුවාල හේතුවෙන් තරුණයාගේ මරණය සිදුව ඇති බව එහි සදහන්ව තිබු බව යාපනය අධිකරණ වාර්තාකරුවන් පවසයි.

ඒ අනුව තරුණයාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට යළිත් වරක් ස්ථිර කළ මහේස්ත්‍රාත් වරයා ඒ සම්බන්ධයෙන් අවසන් තින්දුව ප්‍රකාශයට පත් කිරීම සදහා චෝදනා පත්‍ර මහාධිකරණය වෙත යොමු කරන ලෙස නියෝග කළ බවයි වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.

වඩුක්කොඩෙයි, සිත්තංකේනි ලිපිනයේ පදිංචිකරුවකු වු විසි හයහැවිරිදි නාගරාසා ඇලෙක්ස් තරුණයා අත්අඩංගුවේ සිටියදී මරණයට ලක්වී තිබීම “ස්වාභාවික මරණයක් නොව මිනීමැරුමක්” බවට යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා 2023 නොවැම්බර් 24 වැනි සිකුරාදා ද අධිකරණයේදී කියා තිබුනි.

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා ඉදිරියේ දෙසැම්බර් 08 වැනි දා සිදු කළ හදුනා ගැනිමේ පෙරට්ටුවේදී තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකු පළමු සාක්ෂිකරු විසින් හඳුනා ගෙන තිබුනි.

චෝදනාවට ලක්ව සිටින තවත් පොලිස් නිලදාරියෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ශන භාරව කටයුතු කරන පොලිස් ප්‍රධානියාට විනිසුරුවරයා නියෝග කළ බවයි වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.

නාගරාසා ඇලෙක්ස් තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ පොලීසියට බැවින් ජනවාරි 2 වැනිදා අධිකරණයෙන් ලබා දුන් නියෝග සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිවරයාට යොමු කරන ලෙසත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් වරයාට විනිසුරුවරයා නියෝග කර ඇත.

අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත බන්ධනාගාරගත කර සිටියදී මරුමුවට පත් යාපනය දිස්ත්‍රික්කයේ සිත්තන්කේනියේ පදිචිව සිටි නාගරාසා ඇලෙක්ස් ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් නිලධාරීන් සිව් දෙනා ජනවාරි 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...