කන්තලේ උක් වෙනුවට බඩ ඉරිඟු

2025 යල කන්නයේ අක්කර 2000ක බඩ ඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතිය හෙට කෘෂිකර්ම ඇමති ලාල් කාන්තගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බව පුවත්පත් වාර්තා කර තිබේ.

කන්තලේ සීනි කර්මාන්තයට අයත් නිෂ්කාශනය වී ඇති ඉඩම් යොදාගෙන මෙය ආරම්භ කරන බවද වාර්තා වේ. දැනට සීනි කර්මාන්තය ආශ්‍රිතව උද්ගතවී ඇති ප්‍රශ්නය විසදීම වෙනුවට ආණ්ඩුව උත්සාහ කරන්නේ තවත් අහක යන ප්‍රශ්නයක් නිර්මාණය කිරීමටද යන ප්‍රශ්නය මතුවේ.

රජයේ සිනී සමාගම් තම අස්වැන්න මිලදී ගැනීම නවතා දමා ඇති බව ගොවීන් චෝදනා කරයි. මෙයට හෙත්වී ඇත්තේ සීනි කර්මාන්තය ලාභ පිට දිවිමයි. මෙම අලාභ ලැබීමට හේතුවක් වී ඇත්තේ දේශීය සීනිවලට වඩා ආනයනික සිනී මිල අඩුව ලබාදීමට හැකි වීමයි. දේශීය සීනි මිල වැඩිවීමට බලපා ඇත්තේ ඒ මත ක්‍රියාත්මක වෙන බදු වැඩිවීමයි. නමුත් ආනයනික සීනි සඳහා ක්‍රියාත්මක වන්නේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පමණි. මෙම ප්‍රශ්නය විසදීම වෙනුවට ආණ්ඩුව උක් වගා කරන භූමිවල බඩඉරිඟු වගා කිරීමට සිතනවා විය හැක.

නමුත් ආණ්ඩුව මෑතකදී සිට බඩ ඉරිඟු ද ආනයනය කිරීමට තීරණය කර තිබුණි. එසේනම් සිනීවලට සිදුවූ දේ ආනයනික බඩ ඉරිඟු සහ දේශීය බඩ ඉරිඟුවලටද සිදුවුවහොත් ආණ්ඩුව ගන්නා ක්‍රියාමර්ග මොනවද යන ප්‍රශ්නය මතුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...