සටන් විරාමය අවසන් – ඊශ්‍රායලය පලස්තීන ජනතාවට එරෙහි ප්‍රහාර යළි අරඹයි

ඊශ්‍රායලය – හමාස් සටන් විරාමය අවසන් වී තිබේ. සටන් විරාමය අවසන් කිරීමත් සමඟ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව අල් ජසීරා පුවත් සේවය පවසයි.

හමාස් සංවිධානය සටන් විරාම කොන්දේසි කඩ කළ බවට චෝදනා කරමින් ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි සටන යළි ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි. අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි දකුණු ගාසා ප්‍රදේශයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීන වැසියන්ට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දන්වමින් අත්පත්‍රිකා බෙදාහැර තිබේ.

මේ අතර ඊශ්‍රායලය චෝදනා කරන්නේ හමාස් විසින් පළමුවෙන් සටන් විරාමය කඩකරමින් ප්‍රහාර එල්ල කර බවයි.

කටාර් රාජ්‍යයේ මැදිහත් වීම මත මෙම සටන් විරාමය ක්‍රියාත්මක වූ අතර දින හතරක සටන් විරාම එකඟතාව දින 07ක් දක්වාම පැවතුණි.

මෙම සටන් විරාම කාල සීමාව තුළ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 110 ක් සහ ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 240 ක් නිදහස් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ඔක්‌තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස්‌ ප්‍රහාරයෙන් පසු දෙපාර්ශවයේ ගැටුම් හේතුවෙන් 15000කට වැඩි පිරිසක් මියගොස් තිබන අතර ඉන් 6000කට වැඩි පිරිසක් දරුවන් බවද වාර්තා වෙයි.

මෙම ගැටුම්වලට එක්සත් ජනපද සහය ඊශ්‍රායලය වත ලැබීම ගැන එක්සත් ජනපදයට ගෝලීය වශයන් විරෝධයක් එල්ල වී තිබන අතර නිදහස් පලස්තීනය සුරක්ෂිත කරන ලෙසයි බහුතරයක් ගෝලීය පාර්ශව අවධාරණය කරමින් සිටියි.

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...