කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවයි

තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 314 දෙනෙකු අද (30) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් අතරින් 55 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර සෙසු 259 දෙනා පෑලියගොඩ සහ ධීවර වරායන්ගේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වශයෙන් පිටතින් හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමුවූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 10105ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරකම අද උදෑසන වනවිට කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.ඊයේ (29) දිනය වනවිට ආසාදිතයින් වාර්තා නොවී තිබුණේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙන් පමණක් වුවද අද වනවිට මුලිතිව් දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...