කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවයි

තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 314 දෙනෙකු අද (30) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් අතරින් 55 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර සෙසු 259 දෙනා පෑලියගොඩ සහ ධීවර වරායන්ගේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වශයෙන් පිටතින් හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමුවූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 10105ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරකම අද උදෑසන වනවිට කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.ඊයේ (29) දිනය වනවිට ආසාදිතයින් වාර්තා නොවී තිබුණේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙන් පමණක් වුවද අද වනවිට මුලිතිව් දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...