ලංවිම සේවකයන්ට බෝනස් නැතිකිරීම විකිණීමේ සැලසුමේ කොටසක්ද?

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට 2023 වසර සඳහා වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇති බව දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ලංකා විදුලිබල මණ්ඩලයට ලිපියක් යොමු කර තිබෙනවා.

එම මණ්ඩලයේ පරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසරවල ද වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවූ බවත් 2015 වසරේ සිට වසර තුනකට වරක් හිමිවූ 25 % ක වැටුප් වර්ධකය ද නොගෙවන බවත් අමාත්‍යවරයා එම ලිපිය මඟින් පෙන්වා දෙනවා.

එමෙන්ම, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට ගෙවා ඇති විවිධ දිරි දීමනා සහ දීමනා පිළිබඳ තොරතුරු සහ නිලධාරීන් කුලියට ගෙන ඇති වාහන හා කුලී ලෙස ගෙවන ලද මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසත් කාංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩලයේ සභාපති වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ආණ්ඩුව මේ වනවිට ලංකා විදුලි බල මණ්ඩලය විකිණීමට අදාළ නව පනතක් සම්මත කිරීමට සැරසෙමින් සිටියි. එහිදී ආණ්ඩුව පාර්ශවයෙන් ගෙන එන ප්‍රධාන තර්කයක් වන්නේ එහි සේවකයන් නිසා විදුලි බල මණ්ඩලය පාඩු ලබමින් සිටින බවයි. එහිදී විශාල වැටුප් ලැබීම, විශාල ප්‍රසාද දීමනා ලැබීම යනාදිය උපුටා දක්වනු දක්නට ලැබේ.

මෙහි ඇති ගැටලුව වන්නේ මෙම සේවකයන් අනවශ්‍ය ලෙස දීමනා ලබනවා නම් එය විසදීමට වඩා ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ එය පාවිච්චි කරමින් විදුලි බල මණ්ඩලය විකුණා දැමීම සාධාරණියකරණය කිරීමයි.

විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති දැනටමත් මෙම අසාධාරණයට එරෙහිව විවිධ ක්‍රියාමර්ග ගැනීමට සූදානම්ව සිටියි.

ඇමතිවරයා මේ ආකාරයේ ලිපියක් යොමුකරමින් උත්සාහ කරන්නේ විදුලි බල මණ්ඩලය විකිණීමට අදාළ එක් පියවරක් ලෙස වෘත්තීය සමිතිවලට ඇති ජනතා සහයෝගය දුර්වල කිරීමද යන සැකය ඇතිවේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...