පස්දෙනෙකු අත්අඩංගුවට ගත් තිස්ස විහාරයේ ප්‍රශ්නය

Date:

යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරීම නිසා ඊයේ ( 21) පලාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

තිස්ස රාජමහ විහාරයට අයත් සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසට බලකරමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රී දරන් ඇතුළු පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී තිබුණි.

විහාර භූමියට ඇතුළුවීම සඳහා විරෝධතාකරුවන් උත්සහ කිරීමේදී පොලිසිය එය වැළැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හටගැනීමත් සමඟ යාපනය හින්දු පූජකවරයකු වන වේලන් සාමි ඇතුළු පස්දෙනකු පොලිසිය අත්අඩංගුවටගන ඇත.

දැනට තිස්ස විහාරය නම් ස්ථානයේ පැරණි විහාරයක් පැවති ඇති අතර 2018දී එවකට ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ විසින් නව විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා මුල් ගල් තබා ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබුණු 2021 වසරේදී යුද්ධ හමුදාව පන්සල අවට දෙමළ ජනයාගේ ඉඩම් ද අත්පත් කර ගනිමින් තිස්ස විහාරය පුළුල් කර ඇති බවට එම ඉඩම් අහිමි වූ ජනතාව චෝදනා කරයි. මෙම ජනතාව පවසන්නේ කුඩා ඉඩමක පැවති මෙම පැරණි විහාරස්ථානය වෙනුවට තමන්ගේ ඉඩම්ද අල්ලාගෙන විහාරස්ථාන භූමිය පුළුල් කර ඇති බවයි.

තම භූමියේ අනවසරයෙන් බෞද්ධ විහාරයක් ඉදිකිරීම සම්බන්ධව අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත්, එම විහාරය ඉදිකිරීම නතර නොකළ අතර, තමන්ට නිසි විසඳුමක් නොලැබුණ බව ද එම පිරිස් මාධ්‍ය වෙත පවසා තිබිණි.

ඉඩම් නිදහස් කර දෙන මෙන් ඉල්ලා 2023 වසරේ සිට සෑම පොහොය දිනයක ම ඔවුහු විහාරය අසල විරෝධතාවක ද නිරත වේ.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...