ග්‍රීන් කාඩ් වංචාවට ඔබත් අසු වුනාද ?

ග්‍රීන් කාඩ් හෙවත් අමෙරිකානු සංක්‍රමණික වීසා ලොතරැයි වැඩසටහන වාර්ශිකව පැවැතෙවෙන අතර ග්‍රීන් කාඩ් ලොතරැයිය යටතේ අහඹු ලෙස තෝරා ගත් අයැදුම්කරුවන්ට සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ පරික්‍ෂණයකට අවස්ථාව ලබා දෙන අතර සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට අමෙරිකා එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ස්ථීර නේවාසිකයින් විය හැකි වේ. මේ සඳහා ඉන්ටර්නෙට් ඔස්සේ ලියාපදිංචි විය හැකි අතර එය සම්පූර්ණයෙන් ම නොමිලේ සිදුකෙරන සේවාවකි. එහෙත් ව්‍යාජ ලෙසින් අමෙරිකානු සංක්‍රමණික වීසා ඒජන්තයන් ලෙස පෙනී සිටිමින් මිනිසුන් නොමග යවා මුදල් ගසා කන වංචනිකයන් පිරිසක් පිලිබඳව තොරතුරු වාර්තා වෙයි.

ඇමරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ ජීවත් වන උදය ජයවර්ධන සහ නයනි තනුජා ඉලංගකෝන් යන යුවළ ග්‍රීන් කාඩ් -අමෙරිකානු සංක්‍රමණික වීසා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගෙන් මුදල් වංචා කොට ඇති බව වාර්තා වෙයි. මෙම යුවළගේ ග්‍රීන් කාඩ් වංචාවට අසුවූ පානදුරයේ සරත් කුරේ මහතා මේ දෙදෙනා පිලිබඳව කොලඹ වංචා විමර්ශණ මූලස්ථානයට පැමිණිලි කොට ඇත. මෙම යුවළගේ ග්‍රීන් කාඩ් වංචාවට අසුවූ තවත් පුද්ගලයන් සිටියි නම් ඉදිරිපත් ලෙසට සරත් කුරේ මහතා ඉල්ලා සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...