ග්‍රීන් කාඩ් වංචාවට ඔබත් අසු වුනාද ?

ග්‍රීන් කාඩ් හෙවත් අමෙරිකානු සංක්‍රමණික වීසා ලොතරැයි වැඩසටහන වාර්ශිකව පැවැතෙවෙන අතර ග්‍රීන් කාඩ් ලොතරැයිය යටතේ අහඹු ලෙස තෝරා ගත් අයැදුම්කරුවන්ට සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ පරික්‍ෂණයකට අවස්ථාව ලබා දෙන අතර සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට අමෙරිකා එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ස්ථීර නේවාසිකයින් විය හැකි වේ. මේ සඳහා ඉන්ටර්නෙට් ඔස්සේ ලියාපදිංචි විය හැකි අතර එය සම්පූර්ණයෙන් ම නොමිලේ සිදුකෙරන සේවාවකි. එහෙත් ව්‍යාජ ලෙසින් අමෙරිකානු සංක්‍රමණික වීසා ඒජන්තයන් ලෙස පෙනී සිටිමින් මිනිසුන් නොමග යවා මුදල් ගසා කන වංචනිකයන් පිරිසක් පිලිබඳව තොරතුරු වාර්තා වෙයි.

ඇමරිකාවේ කොළරාඩෝ ප්‍රාන්තයේ ජීවත් වන උදය ජයවර්ධන සහ නයනි තනුජා ඉලංගකෝන් යන යුවළ ග්‍රීන් කාඩ් -අමෙරිකානු සංක්‍රමණික වීසා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගෙන් මුදල් වංචා කොට ඇති බව වාර්තා වෙයි. මෙම යුවළගේ ග්‍රීන් කාඩ් වංචාවට අසුවූ පානදුරයේ සරත් කුරේ මහතා මේ දෙදෙනා පිලිබඳව කොලඹ වංචා විමර්ශණ මූලස්ථානයට පැමිණිලි කොට ඇත. මෙම යුවළගේ ග්‍රීන් කාඩ් වංචාවට අසුවූ තවත් පුද්ගලයන් සිටියි නම් ඉදිරිපත් ලෙසට සරත් කුරේ මහතා ඉල්ලා සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...