ඉෂාර නානායක්කාරට මත්පැන් බලපත්‍ර දෙන්න අවශ්‍ය මූලික පියවර විතරයි තිබ්බේ – සුරාබදු දෙපාර්තමේන්තුව

ගල්ඔය වැවිලි සමාගම වෙත කොන්දේසි සහිත අවසර පත්‍රයක් පමණක් ලබාදී ඇති අතර සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නැති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

සුරාබදු නිවේදන 844 හි කොන්දේසි හා එම සමාගම වෙත නිකුත් කළ ලිපියේ 4 වන ජේදයේ සඳහන් මූලික අවශ්‍යතා ඉටු කිරීමෙන් අනතුරුව අයදුම්පත් නිකුත් කිරීමට පමණක් එකඟතාවක් ඇති කර ගෙන තිබෙන බව එහි සඳහන් වේ.

සුරා බදු දෙපාර්තමේන්තුව නිකුත් කරන සෑම අයදුම්පත්‍රයක් සඳහාම බලපත්‍රයක් ලබාදීම සිදුවන්නේ නැති බව එහි කොමසාරිස් ජනරාල්වරයා පවසා තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව ගල්ඔය වැවිලි සමාගමට සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම් පත්‍රයක් වත් නිකුත් කර නැති බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගල්ඔය වැවිලි සමාගමේ කොටස් 49%ක ප්‍රමාණයක් බ්‍රව්න්ස් සමාගම සහ LOLC සමාගම සතුවන අතර එම සමාගම් දෙකේම හිමිකරු වන්නේ මෙරට ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාර ය.

මීට පෙර මාධ්‍ය හරහා වාර්තා වූවේ ගල්ඔය වැවිලි සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් වහාම නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...