ලංකාව වායු දූෂිත රටවල් අතරින් 51 වැනි තැනට පත්වෙයි

මාස ගණනක් පුරා නිකුත්වූ වාර්තාවලින් පසුව, ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය පිරිහෙමින් පවතින බව ඉස්මතු කරමින්, 2024 දී ලෝකයේ වඩාත්ම වායු දූෂිත නගර ලැයිස්තුවේ රටවල් අතරින් 51වැනි ස්ථානයට ලංකාව පත්ව තිබේ .

ස්විට්සර්ලන්ත වායු තත්ත්ව නිරීක්ෂණ සමාගමක් වන IQAir මෙම නම් කිරීම සිදුකර තිබේ .

මේ පිළිබඳ අදහස් දක්වන පරිසරවේදීන් පවසන්නේ වායු දූෂිත රටවල් 50 අතරට ලංකාව ඇතුළත් නොවූවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වායු ගුණාත්මක ප්‍රමිතීන්ට අදාළව ප්‍රමිතියක් ලංකාවේ වායු ගෝලයේ නැති බව තහවුරුව ඇති බවයි.

WHO විසින් නියම කර ඇති පරිදි වාතයේ අංශුවල සාමාන්‍ය සාන්ද්‍රණය PM2.5 ට වඩා වැඩිවීම පෙනහළු ආශ්‍රිත සෞඛ්‍ය අවදානම් ඇති කරයි.

පැය 24 ක සාමාන්‍ය නිරාවරණය 15 µg/m3 නොඉක්මවිය යුතු බව WHO තවදුරටත් පවසයි.

පසුගිය දින කිහිපය තුළ යාපනය සහ මොනරාගල දිස්ත්‍රික්කවල සෞඛ්‍යයට අහිතකර වායු ගුණාත්මක මට්ටම් වාර්තා වී තිබුණි.

වායු දූෂණය ඉහළම රටවල් 10 අතරට ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්ථානය සහ සමහර අප්‍රිකානු රටවල් ද ඇතුළත් වේ.

පසුගිය දෙසැම්බර් සිට මේ වසරේ ජනවාරි දක්වා, අසල්වැසි රටවල්වල වාතය රටට දකුණට ගමන් කිරීම හේතුවෙන්, මෙරට වායුගෝලයේ ගුණාත්මකභාවය අඩු මට්ටම්වලට ළඟා විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...