ලංකාව වායු දූෂිත රටවල් අතරින් 51 වැනි තැනට පත්වෙයි

මාස ගණනක් පුරා නිකුත්වූ වාර්තාවලින් පසුව, ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය පිරිහෙමින් පවතින බව ඉස්මතු කරමින්, 2024 දී ලෝකයේ වඩාත්ම වායු දූෂිත නගර ලැයිස්තුවේ රටවල් අතරින් 51වැනි ස්ථානයට ලංකාව පත්ව තිබේ .

ස්විට්සර්ලන්ත වායු තත්ත්ව නිරීක්ෂණ සමාගමක් වන IQAir මෙම නම් කිරීම සිදුකර තිබේ .

මේ පිළිබඳ අදහස් දක්වන පරිසරවේදීන් පවසන්නේ වායු දූෂිත රටවල් 50 අතරට ලංකාව ඇතුළත් නොවූවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වායු ගුණාත්මක ප්‍රමිතීන්ට අදාළව ප්‍රමිතියක් ලංකාවේ වායු ගෝලයේ නැති බව තහවුරුව ඇති බවයි.

WHO විසින් නියම කර ඇති පරිදි වාතයේ අංශුවල සාමාන්‍ය සාන්ද්‍රණය PM2.5 ට වඩා වැඩිවීම පෙනහළු ආශ්‍රිත සෞඛ්‍ය අවදානම් ඇති කරයි.

පැය 24 ක සාමාන්‍ය නිරාවරණය 15 µg/m3 නොඉක්මවිය යුතු බව WHO තවදුරටත් පවසයි.

පසුගිය දින කිහිපය තුළ යාපනය සහ මොනරාගල දිස්ත්‍රික්කවල සෞඛ්‍යයට අහිතකර වායු ගුණාත්මක මට්ටම් වාර්තා වී තිබුණි.

වායු දූෂණය ඉහළම රටවල් 10 අතරට ඉන්දියාව, බංග්ලාදේශය සහ පකිස්ථානය සහ සමහර අප්‍රිකානු රටවල් ද ඇතුළත් වේ.

පසුගිය දෙසැම්බර් සිට මේ වසරේ ජනවාරි දක්වා, අසල්වැසි රටවල්වල වාතය රටට දකුණට ගමන් කිරීම හේතුවෙන්, මෙරට වායුගෝලයේ ගුණාත්මකභාවය අඩු මට්ටම්වලට ළඟා විය.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...