දේශබන්දු වෙනුවෙන් ආගම්වාදය අවුස්සයි

දේශබන්දු තෙන්නකෝන් නැවතත් පොලිස්පති ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලමින් අගලකඩ සිරිසුමන හිමි ප්‍රධාන හිමිවරු පිරිසක් අද (30) කොළඹදී පාගමනක නියැළී තිබේ. සමාජ මාධ්‍ය ජාල හරහා අදහස් දක්වන පිරිස් පවසන්නේ මෙය මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් සංවිධානය කර තිබූ බවයි.

කොටුව දුම්රියපොල අසලින් ආරම්භ කර කොටුව බෝධිය දක්වා ගමන් ගත් මෙම පාගමනට විදේශීය හිමිවරු සහ කුඩා සාමනේර හිමිවරුන්ද සහභාගී වි සිටියා.

මෙම පිරිස කොටුව බෝධියට අසලට වැඩම කර ආගමික වතාවත් පවත්වා අනතුරුව අදහස් දක්වමින් කියා සිටියේ පොලිස්පතිවරයාට සිය ධූර කාලය තුළ කටයුතු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථාව ලබා දිය යුතු බවයි.

කුඩු සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පොලිස්පතිවරයා ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව මේ වන විට විවිධ බාධා පමුණුවමින් ඇති බවද මෙහිදී රැස්වූ හිමිවරුන් අවධාරණය කළා.

එම හික්ෂූන් තවදුරටත් පවසා සිටියේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නැඟෙන විරෝධය ජාතියේ මළ ගමේ හඬ බවයි. එසේම මෙහිදී අදහස් දැක්වූ භික්ෂූන් අගරදගුරුවරයා විවේචනය කරමින් ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රකාශ කරනු දැකිය හැකිවිය. මේ රට සිංහල බෞද්ධ රටක් බවත් අගරදගුරුවරයාට අවශ්‍ය ලෙස රාජ්‍ය නායකයින්, ඇමතිවරු හෝ, පොලිස්පතිවරු පත්කළ නොහැකි බව එහිදී පැවසුනි. බෞද්ධ නායකයන් තම කටයුතු කරගෙන යාමේදී සියලු දෙනා ඊට සහය දිය යුතු බවද එහිදී අදහස් දැක්වුණි.

දින 6ක් පුරා පැවති පෙත්සම් විභාගයකින් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය (ජුලි 24 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...