Breaking News

මහ බැංකුව පාර්ලිමේන්තුවේ නිර්දේශ පිළිගනියිද?

පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති  හර්ෂද සිල්වා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

නමුත් මෙම නිර්දේශය මහ බැංකුව පිළිගනු ඇතිද යන්න ගැන සැක මතුව තිබේ. මන්ද මහ බැංකුව ස්වාධීන කිරීම හරහා තම වැටුප් ගැන තීරණය කිරීමට මහ බැංකුවට බලය ඇති බව පැවසේ.

ඒ අනුව මහ බැංකුව පාර්ලිමේන්තුවේ නිර්දේශවලට සවන් නොදෙනු ඇති බවට මත පළවෙමින් තිබේ.

leave a reply