අයිඑම්එෆ් අනුමැතිය හෙට ලැබෙයිලු!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඊඑෆ්එෆ් හෙවත් විස්තීර්ණ ණය අරමුදල් පහසුකමක් ලබාදීම පිළිබඳ දැනට ඇති යෝජනාවලිය එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට මාර්තු 20 වැනි සඳුදා උදෑසන 10.30ට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එහිදී අනුමැතිය ලැබීමේ ඉඩක් ඇති බවත් වාර්තා වෙනවා.

විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දුව 21 වැනි අඟහරුවාදා උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්, මෙම විස්තීර්ණ ණය පහසුකම ලංකාවට ලබාදීම සම්බන්ධව සාර්ථක එකඟතාවකට පැමිණීම පිළිබඳව ඔවුන්ගේ නිල නිවේදනය මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවැසීය.

ඉන් පසු මාර්තු 21 වැනිදා වන විටම ශ්‍රී ලංකාව වෙත මුල්ම මුදල් ප්‍රමාණය ලැබෙනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ සන්ඩේ ටයිම්ස් වෙත කියා තිබුණා. මෙහි වටිනාකම ඩොලර් 390ක් වන අතර, එය එස්ඩීආර් නම් ඒකකයෙන් ලැබෙනු ඇති.

රාජ්‍ය ඇමැති සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ 22 වැනිදා සිට ඩොලර් බිලියන 2.9 ක් වූ මෙම IMF ණය පහසුකම වාරික 8 ක් යටතේ ලංකාවට ලැබීමට නියමිතව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගනිමින්, ශ්‍රී ලංකාව ලැබූ ‘ප්‍රගතිය‘ ඇගයීමට ලක් කරන බවත්, මාර්තු 20 වැනිදා අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකාව පිළිබද වැඩසටහන ඉදිරිපත් කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටාලිනා ජෝර්ජිවා මීට පෙර ට්විටර් පණිවිඩයකින් කියා තිබුණා.

මෙය හුදෙක් ආර්ථික සහ තාක්ෂණික තීන්දුවක් පමණක් නොව, බල දේශපාලනයට අදාල තීන්දුවක් බවද විෂය පිළිබඳ විකල්ප දැක්මක් ඇති අය පෙන්වා දෙනවා. චීනය තමන්ට අවශ්‍ය යෝජනාවට එකඟ කරවාගැනීමට නොහැකි වූ නමුත්, ශ්‍රී ලංකාවේ බලයේ සිටින ආණ්ඩුවේ ඉදිරි ගමනට අභියෝගයක් පෙනෙන්නට ඇති නිසා, මෙම අනුමැතිය ලැබෙනු ඇතැයි අනුමාන කරනවා.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනයේ අනුමැතිය ලැබුණු බව ප්‍රකාශ කළත්, සැබෑ ලෙසම චීනය ශ්‍රී ලංකාව හෝ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශ්ව අපේක්ෂා කරපු අන්දමේ අනුමැතියක් ලබාදී නොතිබුණ. චීනය ලබාදුන් අවසාන එකඟතාව කුමක්දැයි තවමත් නිසියාකාරයෙන් පැහැදිලි වී නැහැ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසු ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව තවත් ණය ආධාර ලබාදෙනු ඇතැයි මහබැංකු අධිපතිවරයා සන්ඩේ ටයිම්ස් වෙත කියා තිබුණිා. මෙලෙස ලැබෙන ණය මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 4.5ක් වනු ඇතැයි ඔහු සඳහන් කර තිබුණා.

ඒ අනුව මෙමෙ ණය මුදල් ලැබුනහොත් එයට හිලව්වට වසර ගණනාවක් තිස්සේ විවිධ ආණ්ඩු කිරීමට උත්සාහ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට උත්සාහ කරනු ඇත. ඒ අතර ප්‍රමුඛ වනු ඇත්තේ සමාජ ආරක්ෂණ සේවා පෞද්ගලිකරණය, රාජ්‍ය ආයතන විකිණීම, කම්කරු නීති ප්‍රතිසංස්කරණය වැනි දේවලුයි.

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...