Breaking News

අදානිගෙ සුළං විදුලි බලාගාරයට අනුමැතිය දීම ප්‍රතික්ෂේප වෙයි

මන්නාරම සහ පුනරින් මෙගාවොට් 484ක සුළං බලාගාර ප්‍රසම්පාදනය කිරීම ඉන්දියවේ අදානි සමාගම (Adani Green Energy SLtd (AGESL)) වෙත ප්‍රදානය කිරීමට අනුමැතිය ලබාදීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා වෙත යවන ලද ලිපියක් හෙළිකරන ‘සන්ඩේ ටයිම්ස්’ පවසන්නේ, විදුලි බල මණ්ඩලය හා අදානි ග්‍රීන් ඒජන්සි සමාගම අතර සම්පූර්ණ බලශක්ති මිලදි ගැනිම සඳහා අත්සන් තබා ඇති ගිවිසුම වැනි මුලික තොරතුරු පවා ඉදිරිපත් කර නොමැති බවයි.

ශ්‍රී ලංකා විදුලි බලපනත යටතේ එම බලාගාර ඉදිකිරීම සඳහා ග්‍රින් එනර්ජි සමාගමට පිරි නැමිමට නම් එයට මහජන උපයෝගිතා කොමසමේ අනුමැතිය හිමිවිය යුතුයි.

කෙසේවෙතත්, බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් කෙටුම්පතේ කාලසටහන්, ඉන්දීය රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම (MoU) සහ පසුගිය වසරේ මාර්තු මාසයේදී කැබිනට් අනුමැතියෙන් පසුව එවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් අවසරය ඉදිරිපත් කිරීමටද අපොහොසත් වී තිබෙනවා.

එසේම යෝජිත බලාගාරයේ තාක්ෂණික සක්‍යතාව වෙනුවෙන් පවත්වන ලද පර්‍යේශණයේ ප්‍රථිපල කිලිනොච්චියේ සිට හබරන දක්වා විහිදෙන කිලෝවොට් 400ක රැහැන් පද්ධතිය මිලට ගැනීම පිළිබඳ තොරතුරු සහ එහි පිරිවැය ප්‍රතිසාධනය කිරීමට අපේක්ෂිත ක්‍රමවේදය මෙන්ම ආසන්නයේ පිහිටා ඇති මෙගාවොට් පනහක ධාරිතාවය සහිත මන්නාරම් සුළං විදුලි බලාගාරය පිළිබඳව ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදී යෝජිත මිල ගණන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර නැති බව මහජන උපයෝගීතා කොමිසම පවසා තිබේ.

මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් නිකුත් කර ඇති පාරිසරික බලපෑම් තක්සේරුවේ (EIA) ප්‍රතිඵල සහ පාරිසරික බලපත්‍රයේ විස්තර පවා ඉදිරිපත් කර නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ ලිපියේ දැක්වෙන බව සඳහන් වේ.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ සීමාසහිත අදානි ග්‍රීන් එනජි සමාගමට අනුමැතිය ලබාදීමට 2022 මාර්තු 07වන දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබු අතර ඉන් දින හතරකට පසුව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.

මෙම සුළං විදුලි ව්‍යාපෘතිය මන්නාරම සංචාරක පක්ෂී කොරිඩෝවට කරන දැවැන්ත පාරිසරික බලපෑම මෙන්ම ප්‍රදේශයේ ධීවර කටයුතුවලට එල්ලවන බලපෑම හේතුවෙන් පරිසරවේදීන්ගෙන් මෙම ව්‍යාපෘතියට දැනටමත් විරෝධතා එල්ල වී තිබෙනවා.

leave a reply