රාජ්‍ය ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින බව විගණන වාර්තාවලින් හෙළිවී ඇතැයි ලංකාදීප වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගියවන්න පවසන්නේ, රුපියල් කෝටි 1700 කින් ස්ථාපනය කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියද මේ වනවිට ක්‍රියාත්මක නැති බවයි.

බොහෝ රාජ්‍ය ආයතනවල දත්ත පද්ධතිවලින් වැඩක් වී නැතැයිද ඔහු සඳහන් කර ඇත .

රාජ්‍ය ආයතනය කාර්යක්ෂම කිරීම සහ ආදායම වැඩිකර ගැනීම සඳහා ඩිජිටල්කරණය ඉතා වැදගත් වුවත් ඒවා විධිමත් ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බවද රාජ්‍ය අමාත්‍ය අලගියවන්න පෙන්වා දුන්නේය.

බොහෝ ආයතන වල දත්ත පද්ධති අකර්මන්‍ය වීමෙන් ජනතා සේවයට බාධා මතුව ඇති බව විගණන වාර්තා පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...