පරිසරය ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – ගෝඨාභය රාජපක්ෂ නිදහස් දිනයේදී කියයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදහස් දින කතාව ජාතිවාදී ප්‍රතිපත්තිය හෙලිකිරීමක් සහ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට ගොස් තමන්ට ඡන්දය දුන් ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වීම යම් ආකාරයට සමනය කිරීමට දැක්වූ උත්සාහයක් බවට මත පළවෙමින් තිබේ.

එසේම තවත් අතකින් මම මෙහෙම කරනවා අරහෙම කරනවා යනුවෙන් ප්‍රකාශ සිදුකරමින් තමන් ෆේල් වී නොමැති බව පෙන්වීමට දරන උත්සාහයක් බවට මත පළවේ.

ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ කතාවේදී පැවසූ ප්‍රධාන දෙයක් වන්නේ තමන් සිංහල බෞද්ධ නායකයෙක් බවත් එය ප්‍රකාශ කරන්නට මම කිසිවිටක මැලි වන්නේ නැති බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචාව වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව ගෝඨාභය රාජපක්ෂ පවසයි.

.
ඊට අමතරව තමන් හැමදාමත් පරිසරයට ආදරය කල කෙනෙක් ලෙස අදත් තමන්ගේ රජය අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීමට විශේෂ අවධානයක් යොමු කොට තිබෙන බව ගෝඨාභය රාජපක්ෂ පවසයි.

පොහොර නොමිලේ ලබාදීම, වී සඳහා සහතික මිල රුපියල් 50 දක්වා ඉහළ නැංවීම, ගොවි ණය කපාහැරීම, රට පුරා වැව් දහස් ගණනක් ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම, ගෙවතු වගාව හා නාගරික ගොවිපලවල් ප්‍රවර්ධනය වැනි උත්තේජනයන් නිසා රට තුල ඇති වූ කෘෂිකාර්මික පුනරුදය ඉදිරියටම ගෙන යන බවත් ගොවියා ව්‍යවසායකයෙකු තත්ත්වයට පත්කිරීම තම අරමුණ බවත් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

දේශීය නිෂ්පාදනය වැඩි වී අපනයන අවස්ථාවන් පුළුල් වී තිබෙන බවද දත්ත මත පදනම් කොට කරුණු විමසා බලා, සත්‍යය හඳුනාගෙන තීන්දු තීරණ ගන්නවා නම් කිසිවෙකුට ජනතාව නොමග යැවීමට නොහැකි බවද ජනාධිපතිවරයා පවසා ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් විධිමත් සැලැස්මක් යටතේ සංචාරක ව්‍යාපාරය පියවරෙන් පියවර යළි ආරම්භ කිරීමට කටයුතු කර කරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...