ගෝඨාගේ බලපෑම මත අදානිට ලබාදුන් බවට චෝදනා එල්ල වූ ව්‍යාපෘති දෙකට අවසර

මන්නාරමේ සහ පුනරීන්හි සුළං බලශක්ති ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඩොලර් මිලියන 500 කට වැඩි ආයෝජන සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමූහයට තාවකාලික බලපත්‍රයක් ලබාදී තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළේයැ යි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණයක් කර තිබුණි.

ඒ අනුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සුළං බලශක්ති ව්‍යාපෘතිය ලබාදුන් බවට සහ අදානි සමාගම විසින් විදුලි බල මණ්ඩලයට විදුලි ඒකකයක් ලබාදෙන්නේ අධික මිලකට බවට චෝදනා එල්ල විය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...