Breaking News

ගෝඨාගේ බලපෑම මත අදානිට ලබාදුන් බවට චෝදනා එල්ල වූ ව්‍යාපෘති දෙකට අවසර

මන්නාරමේ සහ පුනරීන්හි සුළං බලශක්ති ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඩොලර් මිලියන 500 කට වැඩි ආයෝජන සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමූහයට තාවකාලික බලපත්‍රයක් ලබාදී තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළේයැ යි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණයක් කර තිබුණි.

ඒ අනුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සුළං බලශක්ති ව්‍යාපෘතිය ලබාදුන් බවට සහ අදානි සමාගම විසින් විදුලි බල මණ්ඩලයට විදුලි ඒකකයක් ලබාදෙන්නේ අධික මිලකට බවට චෝදනා එල්ල විය.

 

leave a reply