පොලිසිය රනිල්ගෙ ද ?

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම විරෝධතාවේ විසුරුවා හැරීමට ද පොලීසිය කටයුතු කර තිබුණි. එම විරෝධතා විසුරුවා හැරීමට කටයුතු කිරීම සම්බන්ධ වීඩියෝ පට නැරඹීමේදී පැහැදිලි වන්නේ පොලිසිය වෙනදා හැසිරෙන ආකාරයටම කටයුතු කර ඇති බවයි.

යම් විරෝධතාවයක් ඇති ඉල්ලීම් වල සාධාරණ අසාධාරණ බව පසෙක තිබියදී ඒව සම්බන්ධ කටයුතු කරන්නේ කෙසේද යන්න පොලිසිය දැනගත යුතුය.

පොලිසිය මීට සති කිහිපයකට පෙරද කොරියානු රැකියා ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විරෝධතාවයක් සම්බන්ධයෙන් දැක්වු ප්‍රතිචාරය පරණ පුරුදු ප්‍රතිචාරය ම බව අපිට මතකය.

මීට අමතරව සමාජ මාධ්‍ය හරහා මහා විරු සැමරුම් ප්‍රවර්ධනය කළ බව කියමින් පුද්ගලයන් සිව් දෙනෙක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේදී පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද විවේචන එල්ල වි තිබේ.

දැන් ප්‍රශනය වන්නේ පොලිසිය වැඩකරන්නේ කාගේ කීමටද යන්නයි. දැන් බලයේ සිටින්නේ නව ආණ්ඩුවකි. එම ආණ්ඩුව පොරොන්දු වී තිබුණේ පරණ පුරුදු මර්ධනකාරී වැඩපිළිවෙළ වෙනුවට නව ක්‍රමයක් හරහා ජනතාවගේ ප්‍රශ්න විසදන බවයි. එසේනම් පොලිසියට එය අදාළ නොවන්නේ කෙසේද යන ප්‍රශනය මතු වේ. සමහරක් විට නව ආණ්ඩුවට පොලිසියට ඒ බව කියන්නට අමතක වන්නට ඇත.

එසේ නොමැති නම් පොලිසියට තවමත් ආණ්ඩු වෙනස දැක නොමැතිද යන ප්‍රශ්නය ඇති වේ. පොලිසිය තවමත් හිතාගෙන ඉන්නේ තවමත් ජනාධිපති රනිල් බවද?

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...