ඩාලි නැවේ තිබූ ද්‍රවය ගැන මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් නැහැ

අමෙරිකාවේ බැල්ටිමෝර් වරාය ආසන්නයේ ෆැන්සස් ස්කොට් යතුරු පාලමේ ඉකුත් 26 වනදා ගැටුණු, ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ ‘ඩාලි’නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ, අදාළ නෞකාවේ බහාලුම්වල අඩංගුව තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඒ අනුව, ඊට පරීක්ෂණ මේ වනවිටත් ආරම්භකර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බව සඳහන් කර සිටියා.

මේ අතර එම නෞකාව අනතුරට පත් වන අවස්ථාවේ දී තුළ ටොන් 746ක් බර විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කළා.

එම නෞකාව තුළ ටොන් 746ක් බරැති, විඛාදන, ගිනි ගන්නා සුළු, සංකීර්ණ ද්‍රව්‍ය සහ ප්‍රවාහනයේ දී සැළකිලිමත්විය යුතු පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි තිබු බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...