ඩාලි නැවේ තිබූ ද්‍රවය ගැන මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් නැහැ

අමෙරිකාවේ බැල්ටිමෝර් වරාය ආසන්නයේ ෆැන්සස් ස්කොට් යතුරු පාලමේ ඉකුත් 26 වනදා ගැටුණු, ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ ‘ඩාලි’නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ, අදාළ නෞකාවේ බහාලුම්වල අඩංගුව තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඒ අනුව, ඊට පරීක්ෂණ මේ වනවිටත් ආරම්භකර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බව සඳහන් කර සිටියා.

මේ අතර එම නෞකාව අනතුරට පත් වන අවස්ථාවේ දී තුළ ටොන් 746ක් බර විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කළා.

එම නෞකාව තුළ ටොන් 746ක් බරැති, විඛාදන, ගිනි ගන්නා සුළු, සංකීර්ණ ද්‍රව්‍ය සහ ප්‍රවාහනයේ දී සැළකිලිමත්විය යුතු පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි තිබු බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...