ඉස්සො කොටු සඳහා කල්පිටියේ සහ වැලිහේනේත් කඩොලාන විනාශ කරලා

රැම්සා තෙත් භූමියක් වන ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර ඉස්සන් කොටු ඇතිකිරීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇතිවිය. මේ අතර ඉස්සන් ඇතිකිරීම සඳහා තවත් එවැනිම ස්භාවික පරිසර ප්‍රදේශ විනාශ කරමින් ඇති බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ කලපුව ආශ්‍රිතව වෙරළබඩ තීරයේ ඉස්සන් වගාව සදහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එහි පිහිටි ස්භාවික කඩොලාන පද්ධතිය කපමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත වන විනාශයක්සිදුව ඇති බවට පරිසරවේදීන් චෝදනා කරයි.

මෙය කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති වරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුව ඇති බව වාර්තා වේ.

අදාල ඉස්සන් ගොවිපලේ පිහිටි ඉපැරණි ඉස්සන් පොකුණු නවීකරණය කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මොවුන් කාර්යක්ෂම ඩෝසර් සහ බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් කලපු තීරයට යාබදව පිහිටා තිබූ ස්භාවික කඩොලාන පද්ධතිය සම්පූර්ණයෙන් විනාශයට ලක්කරමින් දැවැන්ත පාරසරික හානියක් සිදුකර එහි නව ඉස්සන් පොකුණු ඉදිකර තිබේ.

අදාල ඉස්සන් පොකුණු ඉදිකරන මුවාවෙන් මොවුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ මායිම් කණු පවා වෙනස් කරමින් ඩෝසර් යන්ත්‍ර යොදා දැවැන්ත වන සංහාරයක් සිදුකර ඇත.

මීට අමතරව ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීම සඳහා වැලිහේනේ කළපු රක්ෂිතයේ කඩොලාන ශාඛ විනාශ කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය කාලයේ දි ඉස්සන් පොකුණු ව්‍යාපාරය පාඩු ලබන තත්ත්වයක පැවැතියත් වනමි නමැති ඉස්සන් ප්‍රභේදයක් හදුන්වා දිමෙන් පසු මේ වන විට ඉස්සන් වනවගාවෙන් විශාල ආදායමක් ලබා ගත හැකි වුවත් අලුතින් පොකුණු සකස් කරමින් තිබෙන බවත් ගෙන යාමට බාධාවක් වි ඇත්තේ ඒ සදහා අවශ්‍යය ඉඩම් ලබා ගැනිමට නොහැකිව තිබිම බව පැවසේ.

ඒ අනුව දේශපාලන බලය සහිත කණ්ඩායමක් මේ වන අඹකදවිල වැලිහේන ධීවර ගම්මානයේ කළපු රක්ෂිතයේ කඩොලාන වගාව කපා දමමින් නිති විරෝධිව ඉස්සන් පොකුණු සකස් කිරිමේ සුදානමක් ඇති බව ගම්වාසින් පවසයි.

දිවා කාලයේ මෙම කඩොලාන ශාඛ විනාශය සිදු නොවුණත් සමහර රාත්‍රි කාලයේ සහ රජයේ නිවාඩු දිනවල මෙම විනාශය බාධාවකින් තොරව සිදුවන බව වාර්තා වේ. ඊට එරෙහි වන අයට යම් තර්ජනයන් පවා මේ වන විට එල්ලවෙමින් පවතින බවත් ගම්වාසින් පවසා ඇත. මේ සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් වන සංරක්ෂණ නිලධාරින්ට ද ලිඛිතව දැනුම් දී තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...