එක්ස්ප්‍රස් පර්ල් නැව රසායනික ද්‍රවය , ඇළුමිනියම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් සමඟ මුහුදේ ගිලෙයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලෙමින් පවතින බව නාවික හමුදාව අද සවස්වන විට අනාවරණය කර තිබුණි.

නෞකාවේ පිටු පස කොටසේ ජලය පිරීමෙන් මුහුදු පතුලේ වැදීමෙන් නෞකාව තව දුරටත් ඇදගෙන යෑමට නොහැකි තත්වයක් මතුවීමෙන් ගැඹූරු මුහුදට ඇදගෙන යෑම අත්හැරි බවත් ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා ඇදගෙන යෑම ආරම්භයේදීම අවිනිෂ්චිත තත්වයක් ඇතිවී තිබූ බවත් නාවික හමුදාව පවසයි.

නැවේ තිබූ තෙල් ඉවත්කර නොමැති අතර නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවුහොත් එය වැලැක්වීමට කටයුතු කරන බවද නාවික හමුදාව පවසා තිබේ. සාගර විද්‍යාඥයන් අනාවරණය කර තිබුණු පරිදි තෙල් කාන්දුවක් සිදුවුවහොත් සාගර ජලට විශාල ලෙස දූෂණය වීමක් සිදුවේ.

තෙල්වලට අමතරව ගිලෙමින් තිබෙන නැවේ තිබෙන භාණ්ඩ හරහා විශාල සාගර දුෂණයක් සිදුවෙන බව පරිසරවේදීන් පවසයි. නැවේ තිබු භාණ්ඩ සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබේ.

මේ එම සටහනයි..

” ගිලෙන නෞකාව වන එක්ස්-ප්‍රෙස් පර්ල් නැවෙහි නයිට්රික් අම්ලය, එතනෝල්, ඊයම් ඉන්ගෝට්, පාරිසරික හානිකර ද්‍රව්‍ය (එක් බහාලුමක්), දූවිලි යූරියා, ෆ්‍රිල්ඩ් යූරියා එච්ඩීපීඊ, එල්ඩීපීඊ, රේඛීය එල්ඩීපීඊ, ඉෙපොක්සි ෙරසින්, සෝඩියම් මෙතොක්සයිඩ්, කෝස්ටික් සෝඩා, ලිහිසි තෙල්, ඇලුමිනියම් සැකසුම් ඇතුළු අන්තරායකර රසායනික ද්‍රව්‍ය තොගයක් අතුරු නිෂ්පාදන, ආලේපන සඳහා අමුද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය සහ සාමාන්‍ය භාණ්ඩ රැගෙන ගියේය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ලබාගෙන ඇති සම්පූර්ණ ලැයිස්තුව ( පහසු පරිශීලන සඳහා සාදන ලද) බලන්න.

ගිලෙන අවස්ථාවකදී මුහුදු වෙරළට භාන්ඩ ගසාගෙන ආවොත් ඒවා අතපත ගෑමෙන් දූෂණය වළක්වා ගැනීම සඳහා මෙම තොරතුරු මහජනතාවට අවශ්‍ය විය හැකිය. මෙය ශෙයර් කලේ මහජන සුබසාධනය වෙනුවෙනි.”

Share post:

Popular

වෙනත් පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...