COVIED-19 බිලිගත් බ්‍රසීලය

කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්වී තිබුණු බොහෝ රටවල් මේ වන විට ඉන් මිදී පාලනය කිරීමේ දිසාවට ගමන් කරමින් තිබේ .COVIED-19 වෛරස් ව්‍යාප්තිය වැඩිම රටවල් ලෙස ඇමෙරිකා එක්සත්, ජනපදය, බ්‍රසිලය, ඉන්දියාව, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, ඉතාලිය ,තුර්කිය, ස්පාඤ්ඤ, යන රටවල් පිලිවෙලින් මෙම ලයිස්තුවේ ස්ථානගතවී සිටීයි. මෙම රටවල් අතර තවමත් දිනපතා අලුතින් එකතු වන නව ආසාදිතයින් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින අතර බොහෝ රටවල් මරණ ප්‍රතිශතය අවම කරගැනීමට සමත් වී තිබේ. ගෙවුනු පැය 24 තුල ලෝකයෙන් වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 13.825 වේ.

තවමත් දිනපතා විශාල මරණ ප්‍රමාණයක් වාර්තා කරන රට බ්‍රසිලය වන අතර ගෙවුනු පැය 24 තුල එරටින් මරණ 4200 වැඩි ප්‍රමාණයක් වාර්තා වීම කනගාටුවට කරුණකි. බ්‍රසිලයතුල එන්නත්කරණය සිදුවී තිබෙන්නේ එරට ජනගහනයෙන් 2.51% පමණි. එන්නත් කරන ක්‍රියාවලියේ මන්දගාමිත්වය පිළිබඳව ජනතාවගෙන් ආණ්ඩුවට විශාල විවේචනයක් එල්ල වී තිබෙනවා. එරට දුගී දුප්පත් ජනතාව මගහැර තෝරාගත් විශේෂ පිරිස් වලට එන්නත් ලබාදෙන බවට පැන නැගුණු විවේචනය හමුවේ බ්‍රසිලය සෞඛ්‍ය අමාත්‍යවරයා තවකාලිකව තනතුරෙන් ඉවත් කිරීමට ද සිදුවුණා. කොවිඩ් -19 හා සම්බන්ධ සංකූලතා වලින් අවම වශයෙන් මරණ 336,947 ක් වාර්තා වී ඇති අතර ආසාදන 13,100,580 කි. මිලියන 211 ක ජනගහනයක් සිටින බ්‍රසීලය එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ දෙවන ස්ථානයට පත්ව ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...